Saturday, November 23, 2024

බදින්න බෑ කී කාන්තාවගේ මුහුණට ඇසිඩ් හැලූ තිරිසනෙකු රිමාන්ඩ්.

Must read

සිය නිවස තුළ නිදා සිටි කාන්තාවකගේ මුහුණට ඇසිඩ් ගසා පලාගිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අයෙකු මාර්තු මස 14 වැනිදා දක්වා යළිත් රක්‍ෂිත බන්ධනාගාරගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියම කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකෙරුණේ මීගමුව, කටාන හා වෙන්නප්පුව, බෝලවත්ත යන ප‍්‍රදේශවල පදිංචි වී සිටින බව කියන චතුරංග සදරුවන් නැමති දෙදරු පියෙකි.

කුලියාපිටිය, වීරගම ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සැකකරු සමග විවාහවීමේ අපේක්ෂාවෙන් පසු වී ඇති බවත් , පසුව සැකකරු විවාහකයෙකු බව දැනගන්නට ලැබීම නිසා මත ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් ඔහු විසින් මෙම ඇසිඩ් ප‍්‍රහාරය එල්ලකර ඇති බවද පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ ජේ.එම්.ගුණතිලක සහ අමිල කාරියවසම් යන නීතිඥවරුන් අධිකරණය හමුවේ කීහ. සැකකරු විසින් මෙම කාන්තාවට ඇසිඩ් පෙවීමට උත්සහ කර ඇති අතර එය අසාර්ථක වූ තැන මුහුණට ඇසිඩ් හලා ඇති බවද නීතිඥවරුන් වැඩිදුරටත් කීහ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා ඉදිරි විමර්ශන සිදුකොට වැඩිදුර වාර්තාවක් එළැඹෙන නඩු දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියම කරමින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

kuliyapitiya_acid

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article