බඩු කියපුවම ගොඩක් දේවල් අදහස් වෙනවා. ප්‍රධාන වශයෙන් නීතිවිරෝධී දේවල්ට තමයි බඩු කියලා සමාජයේ බහුලව භාවිතා වෙන්නේ. නීති විරොධී අරක්කු, නීති විරෝධී ගණිකාවන්, නීතිවිරෝධීව රටට ගෙන එන ද්‍රව්‍ය වැනි බොහෝ නීතියට පටහැනී දේවලට බඩු යන වදන භාවිතාවේ.
මේ වසරේ මාස 3ක් වත් ගෙවෙන්න කලින් පුෂ්පිකා රැජිනියගේ ප්‍රශ්නය කරලියට ආවා. දැන් මේ අපි එයාට බඩුවක් කියනවා කියලා හිතන්න එපා. ඊට පස්සේ නොයෙකුත් ඊනියා පාලක දේශපාලන බලවේග විසන් පුෂ්පිකාගේ ප්‍රශ්නය හැඩල් කරා. අපට එතනදී තෙරුනා කුමක් හෝ අසම්මත රෙදි පැටලවීමක් මෙතන තියෙනවා කියලා. නාමලින් උපන් බේබි කෙනෙක් මෙතනට කොහෙන් හො සම්බන්ධ දෝ කියලා අපිට නිකන් දැනුනා. ඇත්තටම පුෂ්පිකා බඩුවක් කියලා නෙම් මේ කියන්නේ. එයා වැදගත් අපිත් දන්න පවුලකින් විවාහ වු කාන්තාවක්. එතුමියගේ මාමන්ඩිය වෙන්නප්පුවේ දබරේරා පරපුරේ දැවැන්ත, පොහෝසතෙක්. එතුමියගේ ස්වාමිපුරුෂයා ගුවන්යානා නියමුවෙක් වීමට ඉගෙන ගත් අයෙක්. ඉතිං බඩු කරලියට ගෙනවා කියද්දී ඒක එයාට අදාල වෙනවාද? මේ පවතින අණ්ඩුවේ අය එදා ඉදලාම රටේ සෑම දෙයක්ම දේශපාලනී කරනය කීරීමට බෝහෝම ප්‍රසිද්ධයි. එය සිවිල් ජීවිතයට විශාල තර්ජනයක්. ප්‍රශ්නේ තියෙන්නේ ඔබට මේක තෙරෙනවාද? අපි මේ හැමදෙයක්ම ලියන්නේ ඔබේ ජීවිතය යහපත් තත්වයට ගෙන එන ආණ්ඩුවක් පත් කරගන්නයි. එදා ඒක කරන්න ඇතැම් රදලයන්ව ගිලටිනයට යවන්න වුනා. අදත් අපට පෑනෙන් ඒක කරන්න වෙනවා. දැන්වත් අහන්න එදා වසීම් තාජුඩීන්ව රගර් නිසා ඝාතනය කරා නම්, රූප රැජින ඔටුන්න මාරු කරන එක මහ ලොකු කජ්ජක් නෙමේ. මම පුරවැසියෙක් ලෙස ඔබෙන් ඉල්ලන්නේ මේක තෙරුම් ගන්න.
පුෂ්පිකාට ඇන්දුවේ චන්දිමාල්, මම කියන්නේ පුෂ්පිකාගේ වෙඩින් එකේදී. හැබැයි චන්දිමාල් අද පියුමි එක්ක නිරෝධායනයට. බඩු කරලියට ගෙන ආපු මෙහෙම ආණ්ඩුවක් නම් මම දැකලම නෑ. පියුමි බඩුවක්ද? නෑ නෑ මම කොතනකවත් එහෙම කියන්නේ නෑ. ඇය දරුවෙක් හදා වඩා ගන්න දිරිය කාන්තාවක්. නමුත් ප්‍රශ්නේ එන්නේ සමානාත්මතාව බිඳින්න ගියාහමයි. අනිත් අයට නීතිය කරන විදියට මේ අයට නීතිය කළ යුතුයි කියන තැනට මුළු ජනසමාජයම පැමිණ තිබීම ඉතාම සතුටුදායක කාරනයක්. මේ බඩු කරලියට ගෙන නොඑන්න හිටපු ආණ්ඩුව අසරණ කලේ චමුදිත නැමැති නිර්භීත මාධ්‍යවේදීයායි. බඩු කරලියට ගෙන එන මාධ්‍යවේදීන් උණ්ඩයට දෙන්න සර් හරිම දක්ෂයි. අද නෙමේ එදා ඉඳලා ඒ හැකියාව ඔහුට තිබුනා. සංකර බඩුවලට ඔනා විදියට හැසිරෙන මේ දේශපාඥයින් වීර තම හැකියාවෙන් ජනාතාවට සේවය කරන මාධ්‍යවේදීන් උණ්ඩයට යවනවා. ජනතාව නැවත නැවත උන්වම පත් කරනවා. එහෙම උන්ට කතිරේ ගහන්න උඹට ලැජ්ජාවක් නැද්ද? මම අහනවා. ලැජ්ජාවක් තියෙනවා නම් මොවුන්ව ප්‍රතික්ෂේප කරන්න. පියුමි හන්සමාලීලා නැවත කිසිදිනක ඔන්ලයින් නොආ යුතුයි. චන්දිමාල්ගෙන් අන්දගන්නවා නම් නැවත වරක් සිතා බලන්න. උන්ට තියෙන්නෙත් ඔබට තිබෙන හැදුනුම්පතමයි. ඇග කඩේ යවා ගන්න හයියට බුද්ධිමත් ඔබේ ප්‍රතිචාරය කුමක්ද? නිවැරදි දෙයනම් ඔබේ අයිතියට කෙලවන මෙවුන්ට කඩයකටවත් පාරටවත් බහින්න බැරි වෙන විදියට සමාජයක් විදියට අපි කටයුතු කළ යුතුයි. පියුමි වෙනුවෙන් නාකි ඇමතිලාගේ හද උනු වෙන එක සාමාන්‍යයි. නමුත් සමාජයක් ලෙස අපි සමානාත්මතාව අමතක කළ යුතුද? එවැනි ඇමතිලා මාධ්‍යට පැමිණෙන මුල්ම මොහොතේම ප්‍රශ්න කළ යුතු නොවේද?
චමුදිත නම් මාධ්‍යවේදීයා හරි අපුරු පිළිතුරක් දෙනවා, බිබීසි, අල්ජසීරා වැනි මාධ්‍යකට කෙනෙක් පැමිණෙන විට ඔහු ජනාධිපතිද බැසිල් රාජපක්ෂද කියා වැඩක් නෑ. ප්‍රශ්න කරනවා. අද මාධ්‍යවේදීන් ඉන්නේ කොදු කඩාගෙන. චමුදිත මරණ තර්ජන වලට මුහුණදෙන විට හරින් නැමැති මාධ්‍යවේදියා ඔහුව කරලියට නැවත ගෙන එනවා. මේක නෙමෙද විය යුත්ත? මම ලඟදී අහනවා එක් මධ්‍යවේදීයෙක්ගෙන් ඇයි ඇත්ත කරලියට ගෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයව නීති දාලා කොටු කරනවා කියලා දිගට විස්තරයක් කියනවා. ඒකෙන් මට දැනුනේ මාධ්‍යෙව්දියෙකුට තර්ජනයක් ආවම ඒ මාධ්‍යවේදියා තනි වෙනවා කියලා වගේ අදහසක්. චමුදිතට හරින් දෙන සපොර්ට් එක වගේ අපි එකාමෙන්න නැඟී සිටිය යුතුයි. එකෙක් අනෙකා වෙනුවෙන් නැඟී සිටිය යුතුයි. අපේ දේශපාලන මතය කුමක් වුවත් තම සහෝදර මාධ්‍යවේදීයෙකුට තර්ජන එනවානම් ඔහු සමග අපි නැඟී සිටිය යුතුයි. එතනදී දේශපාලඥයා එනවා මාධ්‍යවේදියාගේ දෙපතුල ලඟට. අපි උණ්ඩය ලඟට නෙමේ දේශපාලඥයා අප දෙපතුල ලඟට ගෙන එමු. එය කළ හැකි වන්නේ, අපි එකිනෙකා වෙනුවන් සිටියොත් පමණයි. හැම එකාම එක විදියට දුෂිත පාලකය හා මේ බඩු කරලියට ගෙන ඒමේ බොළඳ ක්‍රියාවලය එක විට ප්‍රතික්ෂේප කරොත් පමණි. එය කිරීමට ඡන්දයක් පැමිණින තුරු සිටිය යුතු නැත. ගමේ කඩේ, සමාජ ජාලයේ සහ ලැබෙන සෑම මොහොතකම ඔබ ප්‍රතික්ෂේප කරන්න. නොබියව කථා කරන එකාට සපොර්ට් කරන්න.
අද ඔවුන් ගෙදර ගෙන යන එකදු රැපියලක්වත් ඔවුන්ට අයිති නැත. හෙල්පින් හම්බන්තොටේ සට මේ දක්වා සෑම මාවතකින්ම, සෑම ගුවන් ටිකට්පතකින්ම, හා සෑම කොවිඩ් රෝගියෙකුගෙන්ම සොරා ගත් මුදල ඔවුන්ට අයිති නැත. එය අයිති ඔබටත් ඔබේ දරුවන්ටත්ය. තම දේපලෙන් අගලක් කෙනෙක් ගත් විට සටන් කරන නුඹලා, බුරුතු පිටින් මහ දවාලේ ඔබෙන් මුදල් සොරා ගන්නා මිනිසාව ගහලා පන්නනු වෙනුවට ගුණ වැයීම පුදුමයට කාරණයකි. ඒ මිනිසා එලවාදමනු වෙනුවට උන්ගේ දරුවන්ටද කතිර ගසන නුඹලා ගැන මට සිතා ගැනීමට නොහැක. කාමය වපුරන ඉරාජ්ලාව පිළිගැනීමත් නුඹ වෙනුවෙන් යුක්තිය ඉල්ලන නන්දා මාලනීට හු කීමත් පුදුම සහගතය. ගව ඝාතනය වෙනුවෙන් ගින්නට බිලි වෙන කහ සියුරු දහස් ගණන් මුහුදු ජීවින් මිය යන විට සුළගේ ඈතට ගසා ගෙන ගොස් ඇත. කොටුවේ හාමුදුරුවන්ගේ හක්ක ලොක් වී ඇත. මහ දවාලේ තම දරුවාට කෑමට ඇති දෙයක් උස්සගෙන යන එකාට දොහොත් මුදුන් දී වදින ජාතියක් මා දැකලාම නැත. නමුත් අපි එලෙස හැසිරෙමු.
අද වගේම මිනිසා දුප්පත්කමින් මිරිකා දමා පාලකයන් සුරසැප විදින කාලයක රොබ්ස්පියෙරේ නම් මිනිසා මිනිසත්කම වෙනුවෙන් නැඟී සිටියා. එදා සිට සහ එතැන් පටන් කොතරම් නිතිඥවරු සිටින්නට ඇත්ද? නම ඔහේ වැලලී ගිය. නමුත් ප්‍රංශ විප්ලවයට අඩිතාලම දමමින් තම නම ඉතිහාසයට එක් කරමින් ‘රොබ්ස්පියේරේ’ නම් නීතිවේදීයා එවක පැවැති රජයට විරුද්ධව නැඟී සිටියා. අද වගේම තම නෑදෑයන්ට හා එක පන්තියක් පමණක් සලකමින මිත්‍යාව යොදාගෙන ජනතාව පාලනය කළ යුගයක ප්‍රංශ විප්ලවය ඇති වුනා. එම පාලනයේ යදම් බිඳ දමා ඔවුන් නැගිට සිටියා. ඒ වටිනා නිදහස ඔවුන් තමන් සතු කරගත්තා. ඔබේ තත්වය කුමක්ද? වහලෙක් ලෙස මිය යනවාද? රට හැර යනවාද? ඒ නිදහසේ විප්ලවය අද ඔබෙන් පටන් ගන්නවාද?
ක්‍රිස් ග්‍රේ
ඳ ඟ