Sunday, January 19, 2025

ප‍්‍රින්සිපල් ගැහැව්වැයි ටීචර් රෝහලේ !

Must read

විදුහල්පතිවරයා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන කුලියාපිටිය , තෝරකොටුව මුස්ලිම් විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරියක් කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් වී ප‍්‍රතිකාර ලබමින් සිටින්නීය.

සිය අනන්‍යතාවය හෙළිනොකරන ලෙසට ඉල්ලා සිටි එම ගුරුවරිය තමන් මුහුණ දුන් සිදුවීම පිළිබදව මෙසේ කීවාය.

දන්ත සායනයකට පිරිසක් ඇවිත් හිටපු නිසා මගේ පන්ති කාමරය ඒ අයට දෙන්න කිව්වා. ඒ වෙලාවෙ මගේ පන්තියේ දරුවො එක්ක මම පුස්තකාලෙට ගියා ඩෙස් පුටු අරගෙන. එතනට විදුහල්පති ඇවිත් පන්තියෙන් යන්න කිව්වා. වෙන මිස් කෙනෙකුට පන්තිය දෙන්න කිව්වා. පසුව මම කාර්යාලයට ගිහින් එළියට එනකොට යන්න එපා කිව්වා ඇවිත් බැනගෙන ගියා. මම එතනින් එන්න හදද්දි කම්මුලට පාරවල් 5ක් විතර ගැහුවා. මට සිහිය නැතිවුණා වගේ වුනා. පස්සෙ කෙටි නිවාඩුවක් ඉල්ලුවා ඒක දුන්නෙත් නැහැ. අනිත් අය ඉදිරියෙ හොද මුහුණ පෙන්නුවට නිතරම අයුතු යෝජනා ගේනවා. මටත් කිහිපවිටක්ම එහෙම යෝජනා කරා. මම ඒවට කැමති නැහැ. ඒක නිසා මට දිගටම බොරුවට කෑ ගහනවා. මට හොද නම තියාගෙන යන්න දෙන්නෙ නැහැ කියනවා. මගෙ දරුවො හතර දෙනාගෙන් දෙන්නෙක් ඒ පාසලේ ඉගනගන්නවා. එක දරුවෙක් මේ පාර ශිෂ්‍යත්වයට පෙනී ඉන්නවා. මගෙ ළමයින්ගෙනුත් මේ විදුහල්පතිවරයා පලිගනී කියලා මම බයෙන් ඉන්නේ.

ගුරුවරියගේ චෝදනාව පිළිබදව අප කළ විමසීමකදී තෝරකොටුව මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවේ මෙවන් අදහසකි.

“ රෝහලේ ඉන්නවයි කියන ඔය ගුරුවරිය කා එක්ක හෝ රණ්ඩුවෙන්න බලාගනයි ඉන්නෙ. පාසලේ අනිත් ගුරුවරුන්ගෙන් ළමයිගෙන් විතරක් නෙවෙයි හිටපු විදුහල්පතිවරුන්ගෙන් පවා මේ ගුරුවරිය ගැන ඇහුවොත් කියයි. එදා දන්ත සායනයක් තිබුන නිසා ඒකට පන්තිය දීල මම කිව්වා පුස්තකාලයට යන්න කියලා. ඒ දරුවන්ට සිංහල තිබුන නිසා මම සිංහල ගුරුතුමියට පන්තියට යන්න කිව්වා. ඒත් මේ ගුරුවරිය පන්තියෙන් ගියෙ නෑ. කාර්යාලයට ඇවිත් මා එක්ක රණ්ඩු වුණා. පස්සෙ මම එතනින් යන්න හදනකොට මගෙ ඇගෙන් අදින්න හැදුවා. මම තල්ලු කරල එලියට ආවා. ඩෙස්ක් එකකද කොහෙද පැටලිලා වැටෙනවා වගේ දැක්කා. ඔය කියන තරම් සිදුවීමක් වුණේ නැහැ. ගමේම අය එයා ගැන දන්නවා. “යැයි පැවසීය.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහThorakotuwa_02 Thorakotuwa_01

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article