නවගත්තේගම වැලිඅගාර ප්රදේශයේ නිවසක බුරු පොලක සුදු ක්රිඩාවේ නිරතව සිටි නවගත්තේගම ප්රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්රි ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගැනීම පිනිස පරික්ෂණයක් ආරම්භ කළ බව නවගත්තේගම පොලිසිය කියයි. මෙම මන්ත්රිවරයා මෙයට කලින් අවස්තා තුනක දි සුදු ක්රිඩාවේ නිරතව සිටියදි පොලිස් අත් අඩංගුවට ගෙන තිබු අතර ඒ අනුව පැවරු නඩු විභාග දෙකක දි වැදිකරුවිම නිසමා රුපියල් 100 බැගින් දඩ නියම වු අතර ඔහුට එරෙහිව පවරා ඇති අනෙක් නඩුව මෙතෙක් විසදි අවසන් නොමැති බවත් පොලිසිය කියයි. හදිසියේ ඊයේ ( 8 දා ) රාත්රියේ ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් නවගත්තේගම වැලිඅගාර ප්රදේශයේ සැකකටයුතු නිවස වටලා ඇත. ඒ වන විටත් පුද්ගලයන් පස් දෙනෙකු වටවි නිරෝදායන නිති රිති නොතකා සුදු ක්රිඩාවෙහි නිරතව සිටි බවත් පොලිසිය පැමිණි බව දැන ගත් සුදු ක්රිඩාවේ නිරතව සිටි තිදෙනෙකු නිවසේ පසු පස දොරකින් මහ රැම පලා ගොස් ඇති බවත් පොලිසිය කියයි. එහි සිටි සෙසු දෙදෙනා රුපියල් 7800ක මුදලක් සමග අත් අඩංගුවට ගත් බවත් මෙම සුදු පොල පලා ගිය මන්ත්රිවරයාගේ අනුග්රහයෙන් පවත්වා ගෙන ගොස් ඇති බවත් හෙළි වි ඇති බවත් කියයි. නවගත්තේගම පොලිසිය පරික්ෂණ සිදු කරයි.
ඔගස්ටින් ප්රනාන්දු.