පොලොන්නරුව – ගල්ලෑල්ලව රෝහලෙන් පලා ආ බව කියන කොවිඩ් ආසාධිතයෙකුව 31 වැනිදා දහවල් හලාවත – කාක්කපල්ලිය,දෙමටපිටිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී ඇත.
22 හැවිරිදි ආසාධිතයා වෙන්නප්පුව – සිරිගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම ආසාධිතයා මත් ද්‍රව්‍ය වලට සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර තුර කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.ඒ අනුව හමුවී ඇති එම ආසාධිතයා බන්ධනාගාර නිලධාරීන්ට බාර දීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.
තමන් පොලොන්නරුවේ සිට බස් රථයකින් කුරුණෑගලට පැමිණ එතැනින් නැවත බස් රථයකින් හලාවතට පැමිණි බව ආසාධිතයා සෞඛ්‍ය වෛද්‍ය නිලදාරීන් හමුවේ පවසා ඇත.එම ආසාධිතයාව හලාවත සිට දෙමටපිටිය දක්වා කැදවාගෙන පැමිණි ත්‍රී රෝද රථ රියදුරා සහ ආසාධිතයාව රදවා ගෙන සිටි අයෙකුව ස්වයං නීරෝධායනයට ලක් කිරීමට සෞඛය නිලධාරීන් කටයුතු කර ඇත.
ජූඩ් සමන්ත