Saturday, November 23, 2024

පොලිසියෙන් වෙඩි කෑමට පෙර තමන්ටම කොකා ගස්සාගත් පොඩි සාගර මෙන්න. (ඡායාරූප)

Must read

මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, තර්ජනය කිරීම් සහ බියවැද්දීම් ඇතුඵ අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු බව කියන මානික්කුගේ සුමිත් දයාරත්න හෙවත් පොඩි සාගර නැමැත්තා මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක් අතරතුරදී ඊයේ (20 දා ) රාත‍්‍රියේ හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගත්තේය.

පොඩි සාගර නැමැත්තා ගොකරැල්ල පොලිස් වසමට අයත් කුඹුක්ගැටේ, පහළ මැදගම ප‍්‍රදේශයේ පිහිටි සිය අනියම් බිරිදගේ නිවසේ සිටින බවට මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය වෙත ලැබී තිබී තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙලෙස ඔහු සන්තකයේ තිබූ පිස්තෝලයකින් හිසට වෙඩි තබාගෙන තිබේ. හිසට සමීපව වෙඩි තබාගැනීම හේතුවෙන් මිය ගිය පුද්ගලයාගේ හිසට සහ මුහුණට දැඩි ලෙස හානි සිදුවී තිබූ අතර ලේ විලක් මැද සිරුර වැටී තිබෙනු දැකගත හැකි විය.

අද දහවල් ඝාතනය සිදු වූ ස්ථානයට පැමිණි කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය විසින් ඝාතනය පිළිබද මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සදහා මෘතදේහය කුරුණෑගල ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතට යවන ලෙසට නියෝග කළාය. මේ පිළිබද වැඩිදුර සාක්ෂි විභාගය ලබන 28 වැනිදා කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන බව කී ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය මෙම ඝාතනය සිදු වූ නිවසේ නිවැසියන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂි ලබා දෙන ලෙසටද නියෝග කළාය.

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී පාතාලය මැඩලීමේ අරමුණින් මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය ආරම්භ කර ඇති අතර, ඒ මහතාගේ උපදෙස් මත එම ඒකකයේ නිලධාරීන් මාස ගණනාවක් තිස්සේ පොඩි සාගර නැමැත්තා යාම් ඊම් කළ තඹුත්තේගම, රාජාංගණය, මාතලේ යන ප‍්‍රදේශවල පිහිටි ස්ථාන කිහිපයක් පිළිබදව නිරීක්ෂණය කිරිමෙන් පසුව ඊයේ රාත‍්‍රියේ කුඹුක්ගැටේ, පහළ මැදගම ප‍්‍රදේශයේ පිහිටි මෙම නිවස වටලා තිබේ. අදාළ නිවස හිමි කාන්තාව සහ මිය ගිය පොඩි සාගර නැමැත්තා අඹු සැමියන් ලෙස කලක් තිස්සේ ජීවත් වී ඇති බවටත්, මෙම කාන්තාවගේ නීති්‍යානුකූල සැමියාද ස්ත‍්‍රී දූෂණයක් සම්බන්ධයෙන් විසි අවුරුදු සිර දඩුවමක් විදිමින් පසුවන බවටත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. දුරකථන ඇමැතුමක් ඔස්සේ තමන් පොඩි සාගරව මුලින් හදුනාගත් බවටත්, එතැන් සිට ඔහු තමාට මුදලින් උදව් උපකාර කළ බවත්, පසුව ඔහු නිවසට යාම ඊම් කිරීමට පටන්ගත් බවටත් ඇය විසින් පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

බස්නාහිර (උතුරු ) පළාත භාර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න මහතාගේ සහ මීගමුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික‍්‍රම යන මහත්වරුන්ගේ උපදෙස් මත මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකයේ පොලිස් පරීක්ෂක මනෝහරන්, උප පොලිස් පරීක්ෂක දසනායක, පොලිස් සැරයන් ඩැනී, රවුෆ්, පොලිස් කොස්තාපල් චන්දන, අමිල සහ පොලිස් රියදුරු ජයසේකර යන නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල, කෑගල්ල සහ පුත්තලම අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි ඒ. ඞී. ජී. පී. අමරසිංහ සහ රත්ගල්ල විශේෂ බලකා කදවුරේ අණදෙන නිලධාරි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බී. එම්. යූ. කේ. අබේරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක විජේසිංහ, පොලිස් සැරයන් උදයකුමාර, නන්දන, පොලිස් කොස්තාපල් සමරකෝන්, සම්පත්, දිසානායක, කුමාරපාල, රූපසිංහ, ජයතිස්ස සහ පොලිස් රියදුරු රාජගුරු යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

ඝාතනය සිදු වූ නිවසpodi_sagara1podi_sagara8
පොඩි සාගරගේ මළ සිරුර podi_sagara11 podi_sagara12 podi_sagara2
කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්මින්podi_sagara3
රැස්ව සිටි ජනතාවpodi_sagara4 podi_sagara5
මෙහෙයුම සිදුකළ නිලධාරීන් පිරිසpodi_sagara6 podi_sagara7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article