Saturday, January 18, 2025

පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයෙකු මිය යාම පිළිබදව ඥාතීන් පරීක්ෂනයක් ඉල්ලයි

Must read

91194163_2640598482851962_1892620731036991488_o(11.13am) පොල්පිතිගම, මාඑළිය, කුරුළුබැද්ද ගම්මානයේ පුද්ගලයෙකු පොල්පිතිගම පොලිස් සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන මිය ගිය පුවතක් එම ප්‍රෙද්ශයෙන් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ආර්.ජී. චමින්ද නම් 42 හැවිරිදි දෙදරු පියෙකි. මියගිය පුද්ගලයාගේ ඥාතින් පවසන පරිදි මාර්තු 21 වනදා මෙම පුද්ගලයාව පොල්පිතිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය බිරිදට කොරෝනා රෝගය වැලදී ඇති බවට හදිසි දුරකතන අංකයකට දුන් බොරු තොරතුරක්  සම්බන්ධයෙනි. එදින සවස 4 ට පමණ පොලීසිය පැමිණ සිය නිවසේදීම සිය ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බවත්, ජිප් රථයට නංවාගන්නා අවස්ථාවේදීද ඔහුට පහරදුන්බවත් බිරිද ප්‍රකාශ කර තිබේ. පසුව එදිනම රාත්‍රී 10 පසුවී සිය සැමියා ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලීසිය විසින් තමන්ට දැන්වූ බව බිරිද පවසයි. පොලීසියේදී ගෙල වැළලාගෙන ඇතැයි කියන පුද්ගලයා ගේ ඥාතීන් මෙය දිවි නසා ගැනීමක් විය නොහැකි බව ප්‍රකාශ කරන අතර ඔවුන් මේ පිළිබද සාධරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියි.
සිදුවීම මෙසේයි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු සහ මාධ්‍යෙව්දියෙකු වල සුනිල් කහගල්ල මහතා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා මියගිය පුද්ගලයාගේ බිරිදගේ ප්‍රකාශයක් පළකොට තිබේ.
( උපුටා ගැනිම – සුනිල් කහගල්ල මහතාගේ මුහුණූ පොතින්)

කොරෝනා පිළිබද තොරතුරු දැන්විය යුතු බවට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබු දුරකථන අංකයකට ඇමතුමක් දී ඇති ඔහු තම බිරිද කොරෝනා ආසාදිතයෙකු බවට දන්වා තුබූ අතර ඒ පිළිබද වහාම ක්‍රියාත්මක වූ සවුක්ය නිලධාරීන් ඇය පරීක්‍ෂා කිරීමේදී කොරෝනා ආසාධිත්යෙකු නොවන බව සොයාගෙන ඇති අතර එසේ බොරු තොරතුරක් ලබා දීම මත ඔහු එදින සවස 4.00 ට පමණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා රතී 8.00 පමණ වනවිට තමා හද සිටි කමිසය හා බැනියම යොදා ගනිමින් ගෙල වැල ලාගෙන මියයාම ප්‍රශ්නකාරී වේ. මන්ද ඔහු ගෙල වැලලාගත් බව පොලීසිය කියන්නේ සිර මැදිරියේ කුඩා කවුළුවකට වැසිකිලි සෝදන ප්ලාස්ටික් බුරුසු දෙකක් රදවා එහි තමා හැද සිටි කමිසයේ එක් කෙළවරක් ගැට ගසා අනෙක් කෙළවර ගෙලෙහි ගැට ගසාගෙන ගෙල සිරකරගෙන ඇති බවයි එහෙත් අඩි 6 ක් පමණ උස කිලෝ 70 ක් පමණ බර මෙවැනි පුද්ගලයෙකු දරා සිටීමට කුඩා කුඩා ප්ලාස්ටික් බුරුසු දෙකකටහැකිද යන්න ගැටලුවකි. අනෙක් අතට කීමට ඇති වැදගත්ම කරුණ වන්නේ අත්අඩංගුවට ගත පුද්ගලයෙකු පිළිබද සම්පුරණ වගකීම පොලීසිය දැරිය යුතු තත්ත්වයක් තුළ මොහු දිවි නසා ගන්න තුරු පොලීසිය කලේ කුමක්ද යන්නයි. එසේම ඔහුගේ නෑදැයින් කියා සිටින්නේ ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ නිවසේදීත් ජීප් රථය තුළදීත් පොලීසිය ඔහුට පහර දුන් බවයි. එසේම මොහු පොලීසියට රැගෙන ගිය අවස්ථාවේ ඇදිරි නීතිය කඩ කර හෝ වෙනත් හේතුවක් මත අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීස් සිර මැදිරිය අසල රදවා තබා ඇති අතර ඔවුන් කිසියම් පුද්ගලයෙකු පොලිස් ජීප් රථයෙන් බිමට ගෙන ඔසවාගෙන මෙන් රැගෙන එනු දුටු බව ප්‍රකාශ කර ඇත. ඔහු රැගෙන් පැමිණෙනවාත් සමග ඔවුන් දෙදෙනා කට උත්තර ගැනීමට යැයි පවසා වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මේ පිළිබදව අදහස් දක්වන මියගිය අයගේ බිරිද වන යු,ආර්, නිශාදි මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.
මහත්තයා එදා උදේ මගෙත් එක්ක රණ්ඩු වුණා. මම රට ඉදලා ඇවිල්ලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. එහෙම රණ්ඩු වෙල මගෙත් එක්ක තරහට අපේ ගෙදර කොරෝනා ආසාදිතයෙක් ඉන්නවා කියලා කෝල් කරලා. ඊට පස්සේ පී.එච්.අයි. මහත්තුරු ඇවිල්ලා මාව පරීක්‍ෂා කරලා මට නැති බව දැන ගෙන ඒ බොරු තොරතුරු දීල එය අපහසුතාවයට පත් කළ නිසා ඒ අය පොලීසියට කෝල් කළා. ඊට පස්සේ සවස 4.00 විතර පොලීසිය ඇවිල්ලා මහත්තයා අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගනිද්දීත් ගේ ඇතුලෙන් පාර තුනක් ගැහුවා. ජීප් ඒක ළගට අරන් යද්දිත් ගහ ගහ අරන් ගියේ. ජීප් ඒක ඇතුලට දාල බිම දාලත් ගහ ගහ තමයි අරන් ගියේ.මගේ මහත්තයා වරදක් කලා.ඒක ඇත්ත. එකට එයා රිමාන්ඩ් කරලා නීතියෙන් දඩුවම් කලාට වරදක් නෑ,අනික එයා අරවගේ පුංචි ප්ලාස්ටික් බුරුසු දෙකක කමිසෙන් එල්ලුනෑ කියන ඒක පිළිගන්න බෑ. ඒ වගේ පුංචි බුරුසු දෙකකින් මෙයා තරම් බර කෙනෙක් තියා පුංචි දරුවෙක්ටවත් එල්ලෙන්න බෑ කඩා වැටෙනවා.මම කියන්නේ මෙයා මරලා දාලා අද රටේ තියෙන මේ තත්ත්වය එක්ක පොලීසියත් දොස්තර මහත්තයත් එකතු වෙලා ඒක වසන් කරනවා කියලා.අනික අත්අඩංගුවට ගත්ත කෙනෙකුගේ ජීවිතය ගැන ඒ අය වග කියන්න ඕනෑ. අපි නැවත මරණ පරීක්ෂමයක් ඉල්ලනවා.මේ පිළිබදව පොල්පිතිගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලතුංග මහතාගෙන් විමසු විට ඔහු මෙසේ පැවසීය. අපට මොකටද මිනිස්සුන්ට ගහන්න තියෙන උවමනාව.වෛද්‍ය වාර්තාවේ මේක පැහැදිලිව සදහන් කරලා තියෙනවා, මේ පුද්ගලයා අත්අඩංගුවට අරන් එද්දී ජීප් එකේදීම සර්ට් ඒක ගලවාගෙන ඉන්න වීඩියෝ එකකුත් තියෙනවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article