(7.53am) හලාවත දැදුරු ඔය පොලිස් මාර්ග බාධකයේ දි ඊයේ ( 23 දා) පස්වරු නවතන ලෙසට දුන් නියෝගය නොතකා පලා ගිය මෝටර් රථයක් පසුව පල්ලම නගරයට නුදුරින් වැවක් අසල නවතා තිබියදී පොලීසිය විසින්හි සොයා ගෙන තිබේ. ඒ වනවිට එම රථයේ සිටි පුද්ගලයින් පලාගොස් තිබේ. මෙම මෝටර් රථය හලාවත දෙසින් පුත්තලම දෙස ගමන් කරමින් සිට ඇති අතර පස්වරු 4ට පමණ සිත්තමඩම දැදුරු ඔය පොලිස් මාර්ග බාධකය පසුකර ගෙන යාමට පැමිණි අවස්ථාවේ දි රථය නොවත්වා පුත්තලම දෙසට පලා ගිය අතර පොලිසිය එම රියට වෙඩි තබා ඇති බවත් කියයි. වෙඩි ප්රහාරය රථයට වැදි නොතිබු බවත් පසුව එම රථය නොනවත්වාම පුත්තලම දෙසට පලා ගිය අතර සිද්ධිය වහාම අවට පොලිස් ස්ථාන වලට දැන්වීමෙන් පසු එසේ පලා ගිය මෝටර් පල්ලම පොලිසිය විසින් ආණමඩුව බංගදෙණිය මාර්ගයේ වැවක් අසල දමා එහි සිටිය වුන් පලා ගොස් තිබිය දි සොයා ගත් බවත් පොලිසිය කියයි. මෙම මොටර් රථය බංගදෙණිය හංදියෙන් පල්ලම දෙසට ගොස් එසේ නවතා දමා ඇති බවත් එහි සිට ඇත්තේ අධිකරණය විසින් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝගයක් නිකුත් කර සිටි පුද්ගලයෙකු බවත් මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි හලාවත මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක සෙනරත් එදිරිසිංහ මහතා කිවේය . වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.
හලාවත ඔගස්ටින් ප්රනාන්දු.