Thursday, November 21, 2024

පෙරේරලාගේ කැපිලි හමාරයි ! චිත්‍රාල් එකෙන්ම පාර්ලිමේන්තුවට !

Must read

ජනතාවගේ අරගලත් එක්ක එදා සිටම එකට හිටගත්තු චිත්‍රාල් ප්‍රනාන්දුට එරෙහිව ක්‍රියාත්මක වු සකලකාර ජඩ කුමන්ත්‍රණ නිසා ඔහුගේ පාර්ලිමේන්තු ගමන කල්ගියා. පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩබැරි ටාසන්ලා  2015 ත් අන්තම කැත විදියට විත්‍රාල්ව කැපුවා. රාජපක්ෂලාට එරෙහිව ගොඩනැගුණු පළල්ම  බහුජන ව්‍යාපාරය වු නිදහසේ වේදිකාව ලොකු හයියක් දුන්නා. පුත්තලම් දිස්ත්‍රික්කයේ ඇතැම් සජිත්වාදි මන්ත්‍රීවරුන් රාජපක්ෂලා විදේශ සංචාරවල නියැලෙමින් සැප ගද්දි චිත්‍රාල් ප්‍රතිපත්තිගරුකව ජනතා අරගල සමගින් එක්වුනා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයට චිත්‍රාල් ප්‍රනාන්දු අපේක්ෂකයෙකු ලෙස අත්සන් කිරිමය සියලු කටයුතු සුදානම් කර තිබියදි පෙස්ටස්ගේ පුතා නිරෝෂන් ඒක වලක්වන්න හලාවත  ශ්‍රිලනියේ හිටපු දිනන්න බැරි අස්සයෙක්ව රිංගුවා. මිනිහ පරාදයි.කුජිතයි.රනිල් විතරක් නෙමයි එයා වටේ හිටපු වයසක ලොක්කොත් මේවට වගකියන්න ඕනා. රනිල් විතරක් නෙමෙයි සජිතුත් චිත්‍රාල්ට කැපිල්ල දැම්ම.ඒකනේ අර දේශපාලනයේ කල්ඉකුත් වෙච්ච දායාශ්‍රිතට චිත්‍රාල්ගේ.ආසනය දුන්නේ.ලැජ්ජයි. 2022 ජන අරගලයෙන් පස්සේ දේශපාලන උඩුයටිකුරු වුනා.නිරොෂන්ලට ටක්කෙටම පරදින බව දන්න නිසා මිනිහ ඡන්දෙ ඉල්ලන්නේ නැතුවම අයින් වුනා. චිත්‍රාල් දොර ඇරුනේ ඒ හින්ද. පුත්තලම් දිස්ත්‍රික්කයේ සජබේ ඉන්න එකම ප්‍රතිපත්තිගරුක දේශපාලකයා චිත්‍රාල් කියල ඉතා පැහැදිලියි.මේක ඔප්පු කරන්න අපි අනික් අයගේ තෝම්බු මෙතන දිග අරින්නේ නැ. කොහොම හරි පෙරේරාලා පෙරේත දොස් මැකිල ගිහින් චිත්‍රාල් ඉල්ලපුම පලවෙනි පාරම ඇතුලට ගියා. චිත්‍රාල් කියන්නේ පුත්තලමේ ඩිල්කාර සජබ දේශපාලකයන්ට පැහැදිලි අභියෝගක්. කේ.එස් ප්‍රනාන්දු –
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article