(09.46am)පුද්ගලික බස් රථ සේවකයින් විසින් සිදු කරණ ලද පහර දීමකින් තුවාල ලබා ඇති ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවකයින් දෙදෙනෙකු ප්රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පසුගිය 16 වැනිදා සවස 2.00 ට පමණ පුත්තලම – සාලියවැව ප්රදේශයේදී මෙම පහර දීම සිදු කර ඇත.
පහර කෑමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව ඩිපෝවට අයත් බස් රථයක සේවය කරන සේවකයින් දෙදෙනෙකු වන මුන්දලම – බරනන්කට්ටුව පදිංචි ආර්.ඒ.දේවප්රිය(රියදුරු) සහ වනාතවිල්ලුව – කරතිව් පදිංචිකරුවෙකු වන ආර්.එම්.මොහොමදු රිස්වාන්(කොන්දොස්තර) නම් දෙදෙනෙකි.
ලංකා ගමනා ගමණ මණ්ඩලයට අයත් බස් රථය කොළඹ – යාපනය අතර ධාවනය වන අතර පුද්ගලික බස් රථය මන්නාරම – කොළඹ අතර ධාවනය වන එකකි.මෙම බස් රථ දෙකම පුත්තලම – සාලියවැව ප්රදේශයේ පිහිටි ආපන ශාලාවක් අසල මගීන්ට ආහාර ගැනීම සදහා නවත්වා ඇත.එම අවස්ථාවේදී බස් රථ දෙකෙහි සේවකයින් අතර,බහින් බස්වීමක් ඇති වී තිබෙන බව පොලීසිය කියයි.අනතුරුව පුද්ගලික බස් රථ සේවකයෙකු විසින් ලංගම සේවකයින් දෙදෙනාට බෝතලයකින් පහර දීම සිදු කර ඇති බව පොලීසියට ලැබී ඇති පැමිණිල්ලේ සදහන් වේ.
ජූඩ් සමන්ත