Saturday, January 18, 2025

පුද්ගලික ඉඩමක ඇද තිබූ විදුලි රැහැනක් නිසා අලි පැටියෙකු මියගිය බවට සැකයක් ??

Must read

1(3)නීලබැම්ම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් තුළ වන අලි පැටවෙකු සැක සහිත ලෙස මිය ගොස් ඇති බවට තොරතුරක් ලැබී ඇතැයි සාලියවැව පොලීසිය විසින් කරුවලගස්වැව වන ජීවී කාර්යාලයට දැණුම් දී ඇත.ඒ අනුව පොලිස් නිලධාරීන් සහ වන ජීවී නිලධාරීන් එක්ව කළ විමර්ශණයකදී මිය ගොස් ඇති වන අලි පැටවාගේ සිරුර සොයා ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ඉඩමේ මුරකරුව අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව වන ජීවී කාර්යාලය සදහන් කරයි.

උස අඩි 06 ක් පමණ වන මිය ගොස් ඇති වන අලියා වයස අවුරුදු 10 ත් 15 ත් අතර විය හැකි බවට අනුමාන කරන්නේ යැයි වන ජීවී නිලධාරීන් සදහන් කරයි.මිය ගොස් ඇති වන අලි පැටවාගේ සිරුර කොළ අතු වලින් වසා දැමීමට කිසියම් අයෙකු හෝ පිරිසක් උත්සාහ කර ඇති බවද වන ජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.එමෙන්ම මිය ගොස් ඇති වන අලි පැටවාගේ හොඩවැලේ එක් ස්ථානයක පිළිස්සුම් තුවාලයක් සහ තවත් ස්ථානයක කම්බියක් සිරවී ඇති ආකාරයද වන ජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

මෙම වන අලි පැටවා මිය ගොස් ඇති ඉඩම තුළ නීති විරෝධී විදුලි වැටක් පවත්වා ගෙන ගිය බවට සළකුණුද වන ජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.නීති විරෝධී ලෙස විදුලි වැටක් ස්ථාපනය කර වන අලි පැටවා ඝාතනය කරන්නට ඉඩමේ මුරකරු කටයුතු කර ඇති බවට සැකකරන්නේ යැයි වන ජීවී නිලධාරීන් සදහන් කරයි.5 1(3) 2(3) 6

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මිය ගොස් ඇති වන අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයද පැවැත්වීමට නියමිත බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි.


ජුඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article