Saturday, January 18, 2025

පුත්තලම සහ නාත්තන්ඩිය ප්‍රෙද්ශ වල කොරෝනා ආසාධිත පුද්ගලයින් සහ නිරෝධායනය

Must read

04 (1)

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා ගෙන ඇති අයවළුන් අතරින් ඥාතීන් සහ ඉන්දුනීසියාවේ සංචාරයක් සදහා ගොස් මෙරටට පැමිණි බව කියන වැඩිම පිරිස හමුවී ඇත්තේ පුත්තලම සහ නාත්තන්ඩිය ප්‍රදේශයෙන් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.ඒ අනුව හමුවී ඇති පිරිස 23 කි.

ඉන්දුනීසියාවට ගොස් පැමිණි බව කියන පිරිස අතරින් පළමු කොරෝනා රෝගියා වාර්තා වී ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයෙනි.එම රෝගියා වාර්තා වී ඇත්තේ පසුගිය 27 වැනිදාය.56 හැවිරිදි ඔහු පසුගිය 15 වැනිදා මෙරටට පැමිණ ඇත.28 වැනිදා ඔහුගේ බිරිදද,30 වැනිදා පිරිමි දරුවන් දෙදෙනෙකු සහ මාස 2 ½ ක කුඩා දැරිවියක්ද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හලාවත මහා රෝහලේදී සිදු කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

ඉන්දුනීසියාවේ සංචාරයක් සදහා ගොස් පසුගිය 15 වැනිදා මෙරටට පැමිණි බව කියන 50 හැවිරිදි අයෙකු ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් 27 වැනිදා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් ව ඇත.පුත්තලම – කවයන්කුලම පදිංචිකරුවෙකු වන ඔහුව එදිනම කුරුණෑගල ශීක්ෂණ රෝහල වෙත යැවීමට පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.28 වැනිදා සිදු කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවය.

එම රෝගියා හමුවීමත් සමග 30 වැනිදා පුත්තලම සහිරා ජාතික පාසල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.පුත්තලම – කවයන්කුලම ගම්මානයේ පදිංචිකරුවන් 78 දෙනෙකුව විටින් විට එහි රැදවීමට ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ කටයුතු කරති.

එසේ රදවා සිටි පිරිස අතරින් පරීක්ෂාවට ලක් කරන ලද 20 දෙනෙකුව පසුගිය 29 වැනිදා පරීක්ෂා කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.ඒ අතරින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට එම අවස්ථාවේ තහවුරු වී ඇත.ඒ අතරින් සිව් දෙනෙකු ඉන්දුනීසියේ සංචාරයක් සදහා ගොස් 15 වැනිදා මෙරටට පැමිණි පිරිස් වන අතර,සෙසු පිරිස මීට පෙර 28 වැනිදා පුත්තලම – කවයන්කුලම ප්‍රදේශයේ හමුවූ රෝගියාගේ බිරිද,සහ ඥාතීන් වේ.

මේ අතර කොරෝනා වෛසරය ආසාධනය වීමෙන් අනතුරුව රෝහල් ගත කරන ලද මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගියදා මිය යන්නේය. ඔහුගේ පවුලේ 08 දෙනෙකුවද නීරෝධයන කටයුතු සදහා පුත්තලම සහිරා ජාතික පාසලේ මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

පසුගිය 03 වැනිදා හලාවත මහා රෝහලේදී සිදු කරන ලද පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ආසාධනය වූ බව කියන කාන්තාවන් දෙදෙනෙකුව සෞඛ්‍ය නිලධාරීන් විසින් හදුනා ගන්නා ලදි. ඔවුන් සහිරා ජාතික පාසලේ නීරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි දෙදෙනෙකි.ඒ අතරින් එක් අයෙකු ඉන්දුනීසියාවට ගොස් පැමිණි වෛරසය ආසාධිත වූ අයෙකුගේ බිරිද බවට හදුනා ගෙන ඇත.අනෙක් කාන්තාව මරදාන ප්‍රදේශයෙන් හමුවී මිය ගිය කොරෝනා රෝගියාගේ බිරිද බවට හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි.

05 වැනිදා සිදු කරන ලද පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ආසාධනය වූ බව කියන කුඩා දරුවන් තිදෙනෙකුව හදුනා ගෙන ඇත.ඔවුන්ද පුත්තලම සහිරා ජාතික පාසලේ නීරෝධානයනට ලක් කර සිටි අයවළුන්ය.එම දරුවන් තිදෙනාද මීට පෙර  හමුවූ ඉන්දිනියාවට ගොස් පැමිණ සිටියදී කොරෝනා රෝගියෙකු බවට හදුනා ගත් අයෙකුගේ දරුවන් බවට හදුනා ගෙන ඇත.වයස අවුරුදු 8 සහ 5 වියේ පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ අවුරු 11 වන පිරිමි දරුවෙකුවෙ මෙසේ හදුනා ගෙන ඇත.

මේ අතර පසුගිය 07 වැනිදා සිදු කරන ලද පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වූ තවත් රෝගීන් දෙදෙනෙකු පුත්තලම ප්‍රදේශයේ හමුවී ඇත.ඉන්දුනීසියාට ගොස් පසුගිය 15 වැනිදා මෙරටට පැමිණ ඇති බව කියන මෙම දෙදෙනා තම නිවෙස් වල ස්වයං නිරෝධායනය  වෙමින් සිටි දෙදෙනෙකි. පුත්තලම – රත්මල්යාය සහ පාලාවිය – කාර්තිව් සිටි ප්‍රදේශ වලින් මෙම රෝගීන් දෙදෙනා හමුවී ඇත. මේ ආකාරයට හමුවී ඇති සියළුම කොරෝනා  ආසාධිතයින් ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහලට යොමු කිරීමට සෞඛ්‍ය අංශ නිලධාරීන් කටයුතු කර ඇත.


 

ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article