Sunday, January 19, 2025

පුත්තලම සහීරා පාසලේ කොටසක් නිරෝධායන මධ්‍යස්ථානයකට

Must read

 

පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක් තුළ නීරෝධායන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු  සුදානම් කර ඇති බව පුත්තලම දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සදහන් කරයි. 28 වැනිදා සවස පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සහිරා විද්‍යාලයේ ගොඩනැගිලි සහ භූමිය පිරිසිදු කිරීම සදහා පුත්තලම නගර සභාවේ සේවකයින් කටයුතු කර ඇත.

පුත්තලම කවයන්කුලම ගම්මානයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ සහිරා විද්‍යාලයේ නීරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතව ඇත. කවයන්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකු කොවිඩ් 19 වෛරසය ආසාධිත වූ අයෙකු බවට හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත. කවයන්කුලම ගම්මානය මේ වන විට වසා දමා ඇත.

සහිරා විද්‍යාලය තුළ ස්ථාපනය කරන නීරෝධායන මධ්‍යස්ථානයේ කටයුතු යුධ හමුදාව විසින් සිදු කිරීමටද,එහි රැදී සිටින පිරිස් සදහා ආහාර පාන සැපයීම පුත්තලම නගර සභාව විසින් සිදු කිරීමට නියමිතව ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article