Wednesday, April 2, 2025

පුත්තලම මහාධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාරගතකළ කළ නීතිඥවරිය නිදහස්

Must read

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි නීතිඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එසේ නීතිඥවරියව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගිය 28 වනදා නියෝග දී තිබුනේ පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ මහත්මිය වේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවකුට ඇප ලබා ගැනීම සඳහා පසුගිය මාර්තු 07 වන දින අධිකරණය හමුවේ පෙනී සිටි ප්‍රියංකා උදයංගනී සමරතුංග නමැති නීතීඥවරියක් වේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාදීකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය විසින් නියම කර තිබේ.

උපුටා ගැනීම – https://www.aithiya.lk

රිම

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article