පුත්තලම ප්රදේශයට හමා ගිය සුළඟ හා වර්ෂාව අවස්ථාවේ රාත්රී 12 ට පමණ මෙම දැවැන්ත නුග ගස ප්රධාන මාර්ගයට කඩා වැටී ඇති අතර එය ඉවත් කිරීමට පැය කිහිපයක් ගත විය.
මේ නිසා පුත්තලම හරහා අනුරාධපුරයට, යාපනය, වව්නියා, මන්නාරම් දෙසට ගමන් කරන හා ඒ දෙස සිට කොළඹ, හලාවත, මීගමුව දෙසට ගමන් කරන වාහනවලට බධා පැමිණියේය.
ඒ අවට කුඩා වෙළදසැල් රැසක වහලවල්වල සීට් රැසක්ද සුළගට මාර්ගයට ඇද වැටී ඇති අයුරු දක්නට ලැබිණි.
පුත්තලම දිස්ත්රික් ආපදා කළමානාකාර අධක්ෂක ඒ .එම්.ආර්.එල්.කේ අලහකෝන් මහතාගේ මෙහෙයවීමෙන් යුද හමුදා නිළධාරින්, පුත්තලම නගර සභා සේවකයින් හා ප්රදේශවාසීන් එක්ව මෙම විශාල නුග ගස කියත් ආධාරයෙන් කපා ඉවත් කළේය.
lankadeepa.lk