පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පෙදු ජන පෙරමුණේ කණ්ඩායම තම නාම යෝජනා පත්‍රය 17 වැනිදා පෙරවරුවේ පුත්තලම දිසා ලේකම් හා තේරීම් බාර නිලධාරීවරයා වෙත බාර දීම සිදු කරන ලදි.
නාම යෝජනා පත්‍ර බාර දීම සදහා කණ්ඩායම් නායක සනත් නිශාන්ත පෙරේරා මහතා ඇතුළු පිරිස ආරච්චිකට්ටුවේ පිහිටි එම පක්ෂයේ දිස්ත්‍රික් කාර්යාලයෙන් 17 වැනිදා පෙරවරුවේ පිටත් විය.
එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කණ්ඩායම් නායක සනත් නිශාන්ත පෙරේරා මහතා කියා සිටියේ ඉදිරි සති දෙකක කාලයක් මැතිවරණ ප්රචාරක කටයුතු සිදු නොකරන බවත්,මැතිවරණයේ ජයග්‍රහණය ගැටළුවක් නොවන බවත්ය
ජූඩ් සමන්ත