Saturday, September 21, 2024

පුත්තලමේ ජනාධිපති අපේක්ෂකයෙකු හදිසියේ මිය යයි

Must read


2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වු මුහම්මද් ඉල්ලියාස් (78) හදිසි හෘදයාබාධයකින් ඊයේ රාත්‍රියේ පුත්තලම රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඉලියාස් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

මොහොමඩ් ඉල්ලියාස් මහතා මීට දින දෙකකට පෙර හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ අතර මිය යන විට ඔහු 78 වියෙහි පසුවිය. මෙම අභාවයත් සමඟ ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවෙන් එක් පුද්ගලයෙකු අඩුවී අපේක්ෂකයන් තිස් අට දක්වා පහත වැටී ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article