Thursday, November 21, 2024

පුත්තලම් දිස්ත්‍රික්කයේ  ගංවතුරින් වැඩිම බලපෑම  නාත්තන්ඩියට . …

Must read

              මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ මේ වන විට පවුල් 1865 ක,  පුද්ගලයින් 7800 පමණ ප්‍රමාණයක් අවතැන් වී ඇති බව වාර්තා වේ.  පුත්තලම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියකු අප වෙත පවසා සිටියේ මෙම ගංවතුර තත්ත්වය යටතේ වැඩිම පිරිසක් අවතැන් වී ඇත්තේ නත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බවයි. නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පසුව  පුත්තලම්  දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් අවතැන් වී ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ..
                         එලෙසම මෙම ගංවතුර තත්ත්වය නිසා පුත්‍තලම් දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන්ම ගමනාගමනයටද බාධා වී ඇත්තේ නාත්තන්ඩිය ප්‍රාදේශය බවයි ඔහු වැඩිදුරටත් අවධාරනය කරන්නේ. එමෙන්ම එම නිලධාරියා පවසන පරිදි නාත්තන්ඩිය නගරය හරහා මාර්ග අංක 92 යටතේ  ධාවනය වන කුලියාපිටිය- මීගමුව, සහ කුලියපිටිය-කොළඹ බස් රථ ධාවනය වන්නේද නාත්තන්ඩිය මාරවිල හරහා කොළඹ හලාවත මාර්ගය ඔස්සේය. ඒ නත්තන්ඩිය සිට තුම්මෝදර හා කොට්ට්‍රාමුල්ල ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙනි. එම ප්‍රදේශයේ හැමිල්වන් ඇල හෙවත් පාරු ඇල පිටාර ගැලීම  මෙලෙස දැඩි ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව බවට පත්වී තිබේ.
          මෙම ගංවතුර තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ නිලධාරිණිය පැවසුවේ මෙම ගංවතුර තත්ත්වය නිසා නාත්තන්ඩිය ප්‍රදේශයේ වැඩිම පිරිසක් අවතැන් වී ඇත්තේ බටහිර තුම්මෝදර ප්‍රදේශයෙන් බවයි. එහි පවුල් 350 ක  1900 ක පමණ පිරිසක් අවතැන් වී ඇති අතර ඉහළ කොට්ට්‍රාමුල්ල ප්‍රදේශයේද පවුල් 172 ක  1148 ක පමන පිරිසක් මෙම ගංවතුරෙන් අවතැන් ව ඇත.

           නාත්තන්ඩිය ප්‍රදේශය ඇතුළු පුත්‍තලම් දිස්ත්‍රික්කයේ  දැඩි ගංවතුර තත්වයක් පවතින වෙනත්  ප්‍රදේශවලද අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් පොදු ස්ථාන වෙන් කර ඇති බවත්  එම පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව වෙත පිසු ආහාර ලබාදීමට රජය මේ වනවිට කටයුතු කර ඇති බවත් පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ එම නිලධාරියා වැඩිදුරටත් පවසන ලදී. එම නිලධාරියා පෙන්වාදෙන පරිදි  මේ වැසි තත්වය  ඉදිරි දිනවලදීත් තව දුරටත් අඛණ්ඩව පැවතිය හොත් ගංවතුරින් අවතැන් පවුල් සහ එම පිරිස දැනට වඩා වැඩි විය හැකිය. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article