සතිස් ආචාර්යා නැමති ඉන්දීය කාටුන් ශිල්පියා සුරගනක් බවට පත්ව දෙවිලොව ගිය පුංචි ඡමිලෝ ගැන සිත්තමක් ඉදිරිපත්කරයි මිනිස් ලෝකයෙන් . ඇය දෙවිලොවට ආ මාර්ගයේ ඇගේ පියසටහන් රක්තවර්ණය.ඉන් අදහස්වන්නේ කවුරුන් හෝ ඇය ඝාතනය කල බවයි. එහිදී ඇය දෙවියන්ගෙන් මෙසේ අසයි ‘‘ ස්වර්ගය ? මට ගෙදර යන්න පුලුවන්ද දෙවියනි ? ‘‘
ස්වර්ගය ? ඇයට ප්රශ්නයකි ! ඇයට ඇත්තටම ස්වර්ගයට ඒමට අවශ්‍ය නැත ඇයට අවශ්‍යව තිබුනේ හැකි ඉක්මනින් ගෙදර යන්නය . එහෙත් ඇය තම ප්රශ්නය දෙවියාට ඉදිරිපත් කරයි ‘‘ මට ගෙදර යන්න පුලුවන්ද දෙවියනි ? ‘‘ . එහෙත් ඇය දෙවියන් යැයි රැවටී ඇත්තේ ඉන්දීය දේශපාලකයාටය. ඇය එතැනට රැගෙන ආවෙි ඉන්දීය දේශපාලකයාය.ඇගේ දෙපාවල ගෑවී ඇත්තේ ඔහු විසින් කරනු ලැබූ ක්‍රියාවෙි දී ඇය හෙලු රුධිරයය.
සතිස් ආචාර්යා සිත්තමට නැගූ 12 හැවිරිදි පුංචි ජම්ලෝ මැක්ඩම් ඡිවත්වුනේ ඉන්දියාවේ තෙලගානා නැමති දුෂ්කර ගම්මානයේය.
ඇගේ පවුලේ එකම දරුවා ඇයයි. පාසැල් යන වයසේ වුවත් ඇගේ දෙමවුපියන් සිතුවේ ඇයට සිය පවුල නඩත්තු කිරීමෙි වගකීමක් ඇතිබවය. එහෙයින් පුංචි ඡමිලෝ තෙලගානා සිට කිලෝමීටර් 150 ක් දුරින් ඇති බිඡාපූර් දිස්ත්‍රික්කයට ගියේ කමිකරුවෙකු ලෙස එහි වතුවල මිරිස් අස්වනු නෙලීමටය. වැඩිහිටි ගැහැණු කණ්ඩායමක් සමග ඇය එහි ගියේ ලොරිවලය. එහෙත් අස්වනු නෙලන සමයේ වෛරස් වසංගතය හේතුවෙන් ඉන්දීය ආන්ඩුව එකවරම තම ප්‍රාන්තවල ප්‍රවාහන සේවා නවත්වා කඩ සාප්පු වැසීමට හා කර්මාන්තශාලා වැසීමට නියෝග කර රට අගුලු ලෑවෙිය. මිරිස් කැඩීමට තෙලගානා ප්‍රාන්තයෙන් ගිය කමිකරු ගැහැණු මින් අතරමංවිය.
ඔවුන්ට ගමට යාමට කිසිදු ප්‍රවාහන ක්‍රමයක් නොමැති බැවින් ඔවුහු කිලෝ මීටර් 150 ක් දුරින් යුතු සිය ගම වෙත ඇවිදයන්නට පටන් ගත්හ. ගැහැණු 8 දෙනෙක්ගෙන් යුතු කණඩායමෙි බාලයා 12 හැවිරිදි ඡමිලෝය.
ඔවුහු දින තුනක් තිස්සේ ගමන්කළහ. කාෂ්ටක අවුවෙි ඇවිදයන පුංචි ඡමිලෝ්ට වෙහෙස නිසා වරින් වර කලන්තය හැදුනේය. තෙවන දිනයේ ඇගේ නිවෙසට යාමට තව ඉතිරිව තිබුණේ කිලෝමීටර් 14 ක් පමනි. එහෙත් දැඩි වෙහෙසට පත්ව ඇය නැවත ක්ලාන්තව ඇද වැටුනාය. ඇය නැවත නැගිටිටෙි නැත. ඇගේ දේහය ඉන්දීය ආණ්ඩුව ගිලන් රථයක දමා ගෙදරට ගෙනවිත් බාරදී තිබිණි.
ආන්ඩුව ඇගේ මළගම සදහා රු ලක්ෂයක් දෙනබවට පොරොන්දු වී ඇත.
පුංචි ඡමිලෝගේ මළ සිරුර පරීක්ෂාකල වෛද්‍යවරු පවසා තිබුනේ ඇය මියගොස් ඇත්තේ අධික විඡලනය හා මන්දපෝෂණ තත්වය නිසා බවයි.
සිතිස් ආචාර්යා සිය කාටුනය සමාඡමාධ්‍ය ඡාලයේ ඔහුගේ පිටුවෙි ඇලවු පසු එයට සිය අදහස් පැවසූ Aamdani Atthanni Kharcha Rupaiya ගේ අදහසකින් මම මෙි ලිපිය සමාප්ත කරමි
‘‘ පුංචි මීනීපෙටිටි තමයි ගොඩක්ම බර ‘‘
https://www.ndtv.com/…/coronavirus-lockdown-12-year-old-wal…