වයඹ පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස පී. බී. එම්. සිරිසේන මහතා අද (23 දා) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් වැඩ භාරගත්තේය.
වයඹ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ජයන්ත විජේරත්න මහතා අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස උසස්වීමක් ලැබ පළාත් සභාවෙන් ඉවත්වීයාමත් සමග පුරප්පාඩු වූ ප්‍රධාන ලේකම් තනතුරට වයඹ ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි පී. බී. එම්. සිරිසේන මහතා පත්කර තිබේ.
සිරිසේන මහතා වයඹ ප්‍රධාන ලේකම් තනතුරෙහි රාජකාරි ආරම්භ කළ අයුරු පහත ඡායාරූපවලින් දැක්වෙයි.
ඡායාරූප – අනුරුද්ධ නිරෝෂණ ( වයඹ ප්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය )