Saturday, January 18, 2025

පීලි පැන්න කෝච්චිය යළිත් පීල්ලට. උතුරු මගේ දුම්රිය ධාවනය යථා තත්වයට.

Must read

වැල්ලව දුම්රිය ස්ථානය ආසන්නයේදී  දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අඩාල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට යථා තත්වයට පත් වී තිබේ.

මෙලෙස පීලිපැනීමට ලක් වී තිබුණේ මාතර සිට යාපනය බලා ධාවනය වෙමින් පැවැති අංක 4094 දුම්රිය වන අතර මෙය සෙනසුරාදා දිනවලදී පමණක් ධාවනය කෙරෙන විශේෂ දුම්රියක් වෙයි.

අද උදෑසන සිදු වූ මෙම පීලි පැනීමත් සමග  උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අඩපණ වී ගිය අතර දුම්රිය කිහිපයක් කුරුණෑගල, වැල්ලව ආදී දුම්රිය ස්ථානයන්  නැවතී තිබූ අයුරු දැකගත හැකි විය.

පීලි පැනීම සිදු වූ ස්ථානයට අද දහවල් පැමිණි  මහව දුම්රිය ධාවනාගාරයේ සේවකයින් විසින්  පීලිපැනීමට ලක් වූ දුම්රියේ එන්ජිම සහ මුල් මැදිරි කිහිපය වෙන්කර 4094 දුම්රියේ මගීන්ට ඔවුන්ගේ ගමනාන්තය වූ යාපනය බලා යන්නට අවස්ථාව උදාකර දුන්හ.  පැය කිහිපයක් තිස්සේ විශාල ප්‍රයත්නයකින් අනතුරුව අද රාත්‍රි 7.30 ට පමණ පීලි පැනීමට ලක්ව තිබු දුම්රිය මැදිරිය යළි පීලිගත දුම්රිය සේවකයෝ සමත් වූහ.

ඒ අනුව මෙතෙක් අඩාල වී පැවැති උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට යථා තත්වයට පත්වෙමින් ඇති අතර අද මධ්‍යම රාත්‍රි වන විට නියමිත කාල සටහන් වලට දුම්රිය ධාවනය කළ හැකි වනු ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.

 

wellawa_train_2 wellawa_train_3 wellawa_train_1wellawa_train_5 wellawa_train_6 wellawa_train_4 wellawa_train_7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article