Sunday, January 19, 2025

පිපුරුම් බලන්න ඇතුගලට එන්න එපා !

Must read

ඉදිරි දිනවලදීත් ඇතුගලෙහි තවත් ස්ථාන පුපුරායාමට ඉඩ ඇති බැවින් පිපුරුම් ස්ථාන නැරඹීම සදහා ඇතුගල වෙත යෑමෙන් වළකින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර මහතා ඉල්ලා සිටී.

පසුගියදා සිදු වූ ඇතුගල පුපුරායාමෙන් ජන ජීවිතවලට බලපෑමක් එල්ල වී නැතත් පිපිරුම් ස්ථාන නැරඹීම සදහා ජනතාව එහි ගොස් සිටින අවස්ථාවක යළිත් පිපුරුමක් සිදුවුවහොත් ඇති විය හැකි බරපතල තත්වය පිළිබදව සලකා බලා ජනතාවගෙන් මෙවැනි ඉල්ලීමක් කරන බවද බණ්ඩාර මහතා පැවසීය.

අද දිනට යෙදී ඇති මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඇතුගල බුදු පිළිමය වන්දනා කිරීමට පැමිණෙන පැමිණෙන බැතිමතුන්ගෙන්ද මෙම ස්ථානය නැරඹීමට යාමෙන් වළකින ලෙසට වයඹ ටුඩේ වෙබ් අඩවියද ඉල්ලා සිටී.

මෙවැනි අවදානම් තත්වයක් පවතිද්දීත් පාසල් දරුවන්, කාර්යාල සේවකයින් ඇතුලු විශාල පිරිසක් ඊයේ දිනයේදීත් පිපුරුම් ස්ථාන නැරඹීම සදහා ඇතුගල වෙත පැමිණ සිටි අයුරු ඊයේ පස්වරුවේ එහි ගිය අපට දැකගත හැකි විය. ඇතුගලේ පිපුරුම් ස්ථාන සියල්ලෙහිම ඡායාරූප අප වෙබ් අඩවියේ පළකර ඇති අතර ඇතුගලට පැමිණියත් ඊට වඩා යමක් දැකගත නොහැකි බවද මෙහිදී සිහිපත් කරමු.

atugala_002 atugala_001 atugala_003

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article