ඊයේ (12) හලාවත වෙළඳ සංගමය විසින් හලාවත නගරයේදී විරෝධතාවයක් පවත්වන ලදී. කොවිඩ් වසංගතය හේතුවෙන් තම ව්‍යාපාරික කටයුතු කඩා වැටී ඇති බවත්, එවැනි වටපිටාවක් තුළ උත්සව සමයේ සංචාරක ව්‍යපාරිකයින්ට ව්‍යාපාර කටයුතු කිරීම සදහා හලාවත නගර සභාව විසින් කටයුතු කර ඇති බව සඳහන් කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. එමෙන්ම නගරයේ ඇති ව්‍යාපාරික ස්ථාන වල අලවි කරන දෑ පිටතින් පැමිනි වෙළඳ ව්‍යාපාරිකයින් විසින් අලවි කිරීමට කටයුතු කිරීම තුළින් තමන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටින බවද විරෝධතාවයට එක්ව සිටි පිරිස් කියා සිටියේය.
සංචාරක ව්‍යාපාරිකයින් අවසර ලබා ගැනීම සඳහා අඩු මුදල් ප්‍රමාණයක් ගෙවීම් වශයෙන් සිදු කළත් තමන් ඊට වඩා වැඩි බදු මුදලක් නගර සභාවට ලබා දෙන බවද ව්‍යාපාරික සංගමයේ සභාපති ජාන් සමරනායක මහතා මෙහිදී කියා සිටියේය.
විරෝධතාකරුවන් අතරට පැමිණි හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා මෙසේ පැවසීය.
“සංචාරක ව්‍යාපාරකයින්ට අවසර ලබා නොදිය යුතුයි කියා රජය විසින් හෝ නගර සභාව විසින් මේ වන තුරු තීන්දුවක් අර ගෙන නැහැ.එම තත්ත්වය මත කිසියම් අයෙකු යම් ව්‍යාපාරික කටයුත්තකට අවසර ඉල්ලා සිටියහොත් ඒ සදහා අවසර ලබා දීමට මට සිදු වෙනවා.නමුත් එහිදී අපි දැඩි සෞඛ්‍ය කොන්දේසි පනවා තිබෙනවා.නමුත් එම සංචාරක ව්‍යාපාරිකයින් සෞඛ්‍ය කොන්දේසි කඩ කර ඇති බවක් දැන ගැනීමට තිබෙනවා.එමෙන්ම කිසියම් කටයුත්තක් හේතුවෙන් හලාවත නගරයේ සිටින ව්‍යාපාරිකයින්ට අගතියක් වෙන්න දෙන්න බැහැ.එම නිසා අප විසින් දැනට ලබා දී ඇති තාවකාලික බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.අප ඒ බව එම ආයතනයට දැණුම් දීමට කටයුතු කර තිබෙනවා.”
විරෝධතාකරුවන් අතරට පැමිණි හලාවත නගරසභාවේ විපක්ෂ නායක චින්තක කරුණාසේකර මහතා මෙසේ පැවසීය.”අප මේ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා කරමින් සිටින්නේ.අවශ්‍ය නීතිමය කටයුතු ගෙන නගරයේ ස්ථීර ව්‍යාපාරිකයින්ට කිසිදු අසාධාරණයක් නොවීමට කටයුතු කිරීමයි අපේ බලා පොරොත්තුව.”
හලාවත නගර සභාවේ මන්ත්‍රීවරුන්ද,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මේ අතර තාවකාලික සංචාරක ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම සදහා හලාවත නගර සභාවෙන් අවසර ලබා ගෙන ඇති අයෙකු නගර සභා සභාපතිවරයාට එරෙහිව හලාවත පොලීසිය හමුවේ පැමිණිල්ලක් කර ඇත.තමන්ට ව්‍යාපාරක් පවත්වා ගෙන යාම සදහා ලබා දී ඇති අවසරය අවලංගු කිරීම තුළින් සිදුවී ඇති අලාභයට වන්දියක් ලබා දෙන ලෙස අදාල ව්‍යාපාරිකයා තම පැමිණීල්ලේ සදහන් කර ඇත.
මින් ඉදිරියට සංචාරක ව්‍යාපාරිකයින් සදහා අවසර ලබා දෙන විට නගරයේ ව්‍යාපාරික සංගමයේ උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදු කරන බව හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා පැවසීය.
හලාවත නගරයේ ව්‍යාපාරිකයින් විසින් විසින් සිදු කරන ලද විරෝධතාවයක් හමුවට පැමිණි නගර සභා සභාපතිවරයා මේ බව කියා සිටියේය.
ජූඩ් සමන්ත