Saturday, January 18, 2025

පැන්ෂන් ගිය නිලධාරීන්ටත් වැටුප් දෙක දෙක ගෙවන වයඹ පළාත් සභාවේ යහපාලනය !

Must read

මන්ත‍්‍රී රට යයි – නඩුව වරෙන්තු වෙයි.

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කමල් ඉන්දික අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත්කිරීම ගෙවී ගිය සතියේදී වයඹ දේශපාලනය වැඩිපුරම රත් කළ මාතෘකාව විය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුව එදින කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය කැදවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටී මත එම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම්කර සිටින මන්ත‍්‍රී කමල් ඉන්දික අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය මෙම වරෙන්තුව නිකුත් කළාය.
මෙම නඩුවෙහි පැමිණිලි පාර්ශ්වය ලෙස නම්කර සිටින ලක්ෂ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපාද එදින උදෑසනින්ම සිය නීතිඥවරයාද සමගින් කුරුණෑගල අධිකරණ සංකීර්ණය වෙත පැමිණ සිටියහ. අධිකරණ කටයුතු ආරම්භවීමෙන් පසුව අදාළ නඩු විභාගය සදහා තෝල්ක මුදලිවරයා විසින් පැමිණිල්ලේ සහ විත්තියේ නම් අඩගැසූ අතර ඒ අනුව ලක්ෂ්මන් විජේසේකර සහ සමනලී ෆොන්සේකා පැමිණිල්ල පාර්ශ්වයේ සිටගත්හ. පැමිණිලිකරුවන් නඩු විභාගය සදහා පෙනී සිටි නමුත් ඒ වන විට විත්ති කූඩුව තිබුණේ පාඵවට ගොසිනි. විත්තිකරුවන් කිසිවෙකුත් පෙනී නොසිටීම නිසා නඩු විභාගය පසුවට කල්තැබූ මහේස්ත‍්‍රාත්වරිය එම වතාවේදීත් විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනීනොසිටියහොත් වරෙන්තු නිකුත් කරන බවට පූර්ව අනතුරු ඇගවීමක්ද කළාය. ටික වේලාවක් ගෙවී ගිය පසුව අදාළ නඩු විභාගය සදහා යළිත් වරක් තෝල්ක මුදලිවරයා විසින් නම් අඩගැසූ අතර ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින තිදෙනෙකු විත්ති කූඩුවට නැ`ගගත් නමුත් මන්ත‍්‍රී කමල් ඉන්දික ඒ අතර නොවීය. මන්ත‍්‍රී කමල් ඉන්දික වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයින්ද විත්තිකාර මන්ත‍්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් හෝ සමාව ඇයැදීමක් කිරීමට ඉදිරිපත් නොවීමෙන් පෙනීගියේ මන්තවරයාගේ අතුරුදන්වීම පිළිබදව ඔවුන් හෝ දැනුම්වත් වී නොසිටි බවකි. විත්තිකාර මන්ත‍්‍රී කමල් ඉන්දිකගේ අඩුව වටහාගත් මහේස්ත‍්‍රාත්වරිය මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය වෙත බලය පවරමින් වරෙන්තු නිකුත් කළාය.alu_yata_gini_nov_26b

මව්බිම උසාවි එයි !

මන්ත‍්‍රී කමල් වෙත එදින බල පා තිබූ ග‍්‍රහ දොස් වරෙන්තු නිකුත්වීමෙන් පමණක් ගෙවී නොයාම නිසාදෝ මෙම නඩුව මන්ත‍්‍රී කමල්ට තවදුරටත් අවාසි සහගතවන තැනටද එදින කරුණු කාරණා සිදු විය. ඒ , සමථයකින් මෙම නඩුව අවසන්කරගැනීම සදහා පසුගිය නඩු වාරයේදී දෙපාර්ශ්වය විසින් පැමිණ තිබූ එකගතාවයෙන් එදින පැමිණිලිකාර කලාකරුවන්ගේ පාර්ශ්වය ඉවත්වීමයි. ‘කොරේ පිටට මරේ’ කියන්නාක් මෙන් වරෙන්තු ලැබුවා මදිවාට නඩුව තවත් දිග්ගැස්සීමට හේතු වී තිබුණේ මන්ත‍්‍රී කමල් ඉන්දික විසින් මව්බිම පුවත්පත වෙත කර තිබූ ප‍්‍රකාශයකි. මෙම නඩුව අවසන් කිරීම සදහා ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැදවා අඵත් පරපුර කලාකරුවන්ගෙන් සමාව අයැදීමක් කළ යුතු බවට අදාළ සමථය සදහා කොන්දේසි ඉදිරිපත් කරමින් පැමිණිලි කලාකරුවන්ගේ පාර්ශ්වයෙන් මන්ත‍්‍රී කමල් වෙත පසුගිය නඩු වාරයේදී යෝජනා කර තිබිණි. එවන් සමථයක් සදහා මුලපුරා තිබියදීත් මන්ත‍්‍රී කමල් ඉන්දික විසින් පසුගිය දිනෙක ඉරිදා මව්බිම පුවත්පතට ලබාදුන් සාකච්ඡාවකදී තමා අතින් වරදක් වී නැති බවත්, එබැවින් කලාකරුවන්ගෙන් සමාව ගැනීමට සූදානම් නැති බවටත් ප‍්‍රකාශ කර ඇතැයි පවසමින් සමථවීමේ එකගත්වයෙන් ඉවත්වීම සදහා කලාකරුවන්ගේ පාර්ශ්වය එදින අධිකරණයේ අවසරය පැතීය. මන්ත‍්‍රී කමල් විසින් කළ බව කියන අදාළ ප‍්‍රකාශය සනාථ කිරීම සදහා එහිදී පැමිණිල්ලේ නීතිඥවරයා විසින් අදාළ මව්බිම පුවත්පත් වාර්තාවද අධිකරණය වෙත ඉදිරිපත් කළේය. ඊට අමතරව පැමිණිලි පාර්ශ්වයෙන් කළ තවත් ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය මෙම නඩුවේ සාක්ෂි වශයෙන් මෙතෙක් ඇතුළත් කර නොමැති අදාළ ප‍්‍රහාරය අවස්ථාවේ ලබාගත් ඡායාරූප හා වීඩියෝ දර්ශන නඩුවේ සාක්ෂි වශයෙන් ඇතුළත් කිරීම සදහා පොලිසිය වෙත ලබාදීමටද අවසර ලබාදුන්නාය. ඒ අනුව මන්ත‍්‍රී කමල් වෙත වැටී ඇති තොණ්ඩුව තවත් ටිකක් හිර වෙන තැනට එදින නඩු විභාගය අවසන් වෙද්දී වැඩ කටයුතු සිද්ධ වී තිබූ බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. සියල්ල මෙසේ නරක අතට හැරෙමින් තිබියදීත් මන්ත‍්‍රී කමල් ඉන්දිකගේ උසාවි නොපැමිණීම පිළිබදවත්, එම නොපැමිණීම පිළිබදව යටත් පිරිසෙයින් ඔහුගේ නීතිඥවරුන් පවා දැනුවත් වී නොසිටීම පිළිබදවත් නඩුවේ තතු විත්ති ගැන විමසා බැලූ හැම අයෙකු තුළම ඉතිරි කළේ කුකුසකි. ඒ කුකුස දුරුකරවීම සදහා ඇත්තෙන්ම කමල් ඉන්දිකට සිදුවූයේ කුමක්දැයි ‘අඵ යට ගිනි ’ විසින් කළ සූක්ෂ්ම සොයාබැලීමකදී හෙළි කරගත හැකි වූයේ අත්අඩංගුවට ගන්නැයි උසාවියෙන් වරෙන්තු කළ මන්ත‍්‍රී කමල් ඉන්දික මේ වන විට සිය ගම් පළාතේ තබා ලංකා භූමියේවත් නැති බවකි. වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් සැලසුම් කර ඇති විදෙස් සංචාරයෙහි පළමු මන්ත‍්‍රී කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මන්ත‍්‍රී කමල් පසුගිය බදාදා අඵයම දිවයිනෙන් පිටත් වී ගොස් තිබූ බව ‘අඵ යට ගිනි ’වෙත තහවුරු කර ගත හැකි විය. විදෙස් සංචාරයේ මහිමය හේතුවෙන් තමන් එරෙහිව ඇති නඩු විභාගය පවා අමතක වූවාදැයි අසා දැනගන්නට වෙන්නේ මන්ත‍්‍රී කමල් ඉන්දික අද දිනයේදී සිය ගම්බිම් බලා පෙරළා පැමිණීමෙන් පසුවය.

පැන්ෂන් ගිය නිලධාරීන්ට පළාත් සභාවෙන් ඩබල් වැටුප් !

පසුගිය 17 වැනි අගහරුවාදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී මහ ඇමැති ධර්මසිරි දසානායක විසින් කළ හෙළිදරව්වක් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරත් කසුකුසුවක් ඇතිකරවීමට සමත් වී තිබිණි. මහඇමැති ධර්මසිරි විසින් අදාළ හෙළිදරව්ව කළාට වඩා ධර්මසිරි ලවා එය හෙළිදරව් කරවාගත්තා යැයි කිවහොත් වඩාත් නිවැරදි වෙයි. එදින ධර්මසිරි විසින් සභාවේදී හෙළි කළේ පළාත් රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ලබා සිටින රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු දැනට පළාත් සභාව තුළම ඇති ආයතන දෙකකින්ම වැටුප්, වේතන සහ දීමනා ලබමින් සිටින බවකි. මහඇමැති ධර්මසිරිට මේ බව හෙළිකරන්නට සිදුවූයේ මන්ත‍්‍රී පියුමාල් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප‍්‍රශ්නයක් හේතුවෙනි. පියුමාල් සිය ප‍්‍රශ්නය ලෙස වයඹ පළාත් සභාවේ දැනට සේවය කරන නිලධාරීන් අතරින් සේවා දිගු ලබා දී ඇති නිලධාරීන් කවුදැයි විමසා තිබූ අතර ඔවුන්ට සේවා දිගු ලබාදීමට හේතු වූ කරුණු සහ ඒ සදහා ඔවුන්ට ඇති සුදුසුකම්ද විමසා තිබිණි. එම ප‍්‍රශ්නයේම කොටසක් ලෙස පළාත් රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ලබා දැනම පළාත් ආයතන තුළ වැටුප්, වේතන සහ දීමනා මත සේවය කරන මාණ්ඩලික නිලධාරීන් පිළිබදව විමසීමටද මන්ත‍්‍රී පියුමාල් විසින් සිය ප‍්‍රශ්නය හරහා වගබලාගෙන තිබිණි. පියුමාල්ගේ ප‍්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් සභාගත කළ මහ ඇමැති ධර්මසිරි කීවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ චක‍්‍රලේඛ අංක 2/2012 යටතේ සේවා දිගුකිරීමකින් තොරව වයස අවුරුදු 65 ක් දක්වා නිලධාරීන්ට සේවය කළ හැකි බැවින් සේවා දිගු මත වයඹ පළාත් සභාවේ නිලධාරීන් සේවයේ යොදවා නැති බවය. පියුමාල් විසින් යොමුකර තිබූ එම ප‍්‍රශ්නයේම අනෙක් කොටස වූ , විශ‍්‍රාම ලැබීමෙන් පසුව පළාත් සභාව තුළ වැටුප් වේතන සහ දීමනා සහිතව පළාත් ආයතනයන්හි සේවයේ යොදවා සිටින මාණ්ඩලික නිලධාරීන් කවුරුන්දැයි හෙළි කළ ධර්මසිරි කීවේ ආර්. එම්. ආරියරත්න සහ ඒ. ඒ. ජිනදාස යන නිලධාරීන් සේවයේ යොදවා ඇති බවද කීය. කෙසේවෙතත් එම පිළිතුරෙන් සෑහීමට පත් නොවූ පියුමාල් යළිත් සිය අසුනෙන් නැගිසිට ධර්මසිරි වෙත තවත් අතුරු ප‍්‍රශ්න කිහිපයක් යොමු කළේය. පියුමාල් වැඩිමනත් කීවේ තමාගේ ප‍්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් ලැබී නැති බැවින් අංගසම්පූර්ණ පිළිතුරක් බලාපොරොත්තු වන බවය. තමා විසින් ලබාදුන් පිළිතුර පියුමාල් විසින් පෙරළා ප‍්‍රශ්න කිරීම ධර්මසිරිට එතරම් ඇල්ලූවේ නැති බවක් ධර්මසිරිගේ මුහුණින් පෙණිනි. ”ඔබතුමා මගෙන් අහලා තියෙන ප‍්‍රශ්නේ තියෙන්නේ සේවා දිගු ලබාදීලා තියෙන නිලධාරීන් කවුද කියලයි. අපිට විශ‍්‍රාම ගිය යම් නිලධාරියෙකුගේ සේවය අවශ්‍ය නම් කැබිනට් පත‍්‍රිකාවක් යොමුකරලා කොන්ත‍්‍රාත් පදනම මත සේවය දිගු කරනවා. ඒක සේවා දිගුකිරිමක් නෙවෙයි. කොන්ත‍්‍රාත් පදනම මත සේවය කිරීමක්. තමුන්නාන්සේ එතැන පොඞ්ඩක් පොට වරද්දගෙන තියෙනවා. ”යැයි ධර්මසිරි පියුමාල්ට හීන් කැපිල්ලක්ද දමමින් කීය. එය ඇසුණු මන්ත‍්‍රී පියුමාල් වහා සිය අසුනෙන් නැගිට්ටේය. ”ඇත්තමට මහ ඇමැතිතුමනි, පැටලූණේ මට නෙවෙයි . ඔබතුමාටයි ප‍්‍රශ්නෙ පැටලූණේ . මම අහලා තියෙන්නේ ඔබතුමා ඔය කියමින් ඉන්න කාරණාව ගැන නෙවෙයි. ඔබතුමා ඔය කියවන්නේ ඔබතුමා මට කලින් දීලා තියෙන උත්තරේමයි. මගේ පළවෙනි ප‍්‍රශ්නේ මේකයි. හොදින් අහගන්න මහඇමැතිතුමා, ඔබතුමා ආපහු පටලගන්න එපා ” යැයි කී පියුමාල් සිය ප‍්‍රශ්නය යළිත් වතාවක් ඉදිරිපත් කළේය. ”ඔබතුමා මට දීලා තියෙන මේ උත්තරේ සදහන් විදිහට ආර්. එම්. ආරියරත්න මහතාත්, ටී. එම්. පී. තෙන්නකෝන් මහතාත් දැනට වැඩකරන්නේ පළාත් සභාවේ ඔය කියන තනතුරු දෙකේ විතරද ? ” පියුමාල් තමා වෙත ලැබී තිබූ පිළිතුර ප‍්‍රදර්ශණය කරමින් ඇසීය. ”මේ ගොල්ලෝ කොන්ත‍්‍රාත් පදනම මත පළාත් සභාවේ වැඩකරනවා. ඊට අමතරව ආරියරත්න මහත්තයා වැඩකරනවා මානව සම්පත් අධිකාරියේ සභාපතිවරයා වශයෙන්. තෙන්නකෝන් මහත්තයා වයඹ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් සේවය කරනවා. ”තමන්ට උවමනා වූ පිළිතුර අන්තිමේදී ධර්මසිරිගේ කටින් පැන්න බව දුටු පියුමාල් ජයග‍්‍රාහී විලාසයෙන් කතා කළේය. ” මහඇමැතිතුමනි. මගේ ප‍්‍රශ්නයෙන් අහලා තිබුණේ ඔන්න ඔය කාරණේ තමයි. නමුත් ඔබතුමා මට දීලා තියෙන මේ පිළිතුරේ තියෙන්නේ ආරියරත්න මහත්තයා දැනට සේවය කරන්නේ ප‍්‍රධාන ලේකම් කාර්යාලය කියන ස්ථානයේ පමණයි. නමුත් දැන් ඔබතුමාම දැන් මොහොතකට පෙර ප‍්‍රකාශ කළ විදිහට එතුමා තවත් තනතුරු කිහිපයක සේවය කරනවා. ඒ අනුව ඔබතුමා මට ලබාදීලා තියෙන්නේ සම්පූර්ණ පිළිතුරක් නෙවෙයි කියලා මම අවධානයට යොමුකරන්න කැමැතියි. ඒ අනුව පළාත් රාජ්‍ය සේවය තුළ වැටුප්, වේතන සහ දීමනා ලබමින් ඉන්න මේ වගේ තවත් නිලධාරීන් පළාත් සභාව තුළ ඉන්නවා නම් ඒ අයගේ තොරතුරුත් ඇතුළත්ව සම්පූර්ණ පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා. පියුමාල් කීය. ”මම දැන් කියපු ටික හැන්සාඞ් එකට ඇතුළත් වෙනවනේ.” ධර්මසිරි වැඬේ ගොඩින් බේරාන්නට බැලූ නමුත් ”හැන්සාඞ් එකට ඇතුළත්වීම නෙවෙයි. පිළිතුරු ලබාදීමේදී ඔය තොරතුරු ටික ඇතුළත් වුනා නම් තමයි වටින්නේ .” යැයි කී පියුමාල් ගැටුම තවත් දුරදිග නොයවා සිය අසුනෙහි වාඩි විය.

පියුමාල්ගේ දෙවැනි යෝජනාවටත් ධර්මසිරිගෙන් පොල්ලක් !

පියුමාල් සහ ධර්මසිරි අතර පටැවිල්ල එතැනින් නැවතුණේ නැත. එය යළිත් වතාවක් මතු වී ආවේ මන්ත‍්‍රී පියුමාල් විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් පිළිබදව විවාදය ආරම්භ කිරීම සදහා මුලසුනේ සිටි නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක විසින් වෙලාව නිවේදනය කරද්දීය. යුද්ධය පැවැති සමයේදී කොටි සංවිධානය විසින් කළ අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික අපරාධ නීතිය යටතේ ඔවුන්ට දඩුවම් කළ යුතු බව පියුමාල්ගේ යෝජනාවෙහි සදහන් වී තිබිණි. නියෝජ්‍ය සභාපතිවරයාගේ නිවේදනය අවසන් වනවාත් විවාදය ආරම්භ කිරීම සදහා පියුමාල් අසුනෙන් නැ`ගී සිටීමට සූදනම් වූ නමුත් ඊට ඉස්සර වූ ධර්මසිරි පියුමාල්ට පෙර සිය අසුනෙන් නැගී සිටියේය. එලෙස නැගී සිටි මහ ඇමැති ධර්මසිරි අදාළ යෝජනාව විවාද කිරීමට පෙර උපදේශක කාරක සභාව වෙත යැවීමට යෝජනා කළේ පියුමාල්ගේ මුහුණ අ`දුරු කරවමිනි. ”මේ යෝජනාවේ අන්තර්ගතය බලපුවාම ඒක වයඹට විතරක් නෙවෙයි මුඵ ලංකාවට බලපාන කරුණක්. ඒ නිසා මේ යෝජනාව විවාද කරන්න කලින් අපිට ඒ පිළිබදව පුඵල් ලෙස සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා මෙම යෝජනාව උපදේශක කාරක සභාවට යොමුකිරීමෙන් පසුව සභාවේ විවාදයට ගනිමු කියලා මම යෝජනා කරනවා.” ධර්මසිරි සිය කතාව නිමකරනවාත් සමග පියුමාල් සිය අසුනෙන් නැගිට්ටේය. ”ගරු සභාපතිතුමනි. මේ යෝජනාවට වුනෙත් මගේ කලින් යෝජනාවට වෙච්ච වැඬේමයි. ” පියුමාල් කියද්දී සභා ගැබ මන්ත‍්‍රීවරුන්ගේ සිනා හඩින් පිරී ගියේය. ”මොකක්දෝ අහේතුවකට මගේ යෝජනා යන්නේ උපදේශක කාරක සභාවටමයි.” මන්ත‍්‍රීවරුන්ගේ සිනා හඩ තවත් වැඩිකරවමින් පියුමාල් එවර කීය. ”මාව තේරී පත් වුණේ පළාත් සභාවට. නමුත් මගේ යෝජනා යන්නේ උපදේශක කාරක සභාවට. ගරු සභාපතිතුමනි මගේ මේ යෝජනාවේ සිංහල පරිවර්තනයක් ඕනෑ කිව්වාම මම ඒකත් දුන්නා. මම ගිය සැරේ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිශ්චයකාරතුමිය ධූරයෙන් පහකිරීම සහ නැවත එම ධූරයට පත්කිරීම පිළිබදව යෝජනාවක් ගෙනාවම ඒ යෝජනාවත් දැම්මා උපදේශක කාරක සභාවට. ඊළගට හෙක්ටර් අප්පුහාමි මන්ත‍්‍රීතුමාගේ යෝජනාවේ අඩුපාඩු පෙන්නලා දුන්නාම ඒකත් ගියා උපදේශක කාරක සභාවට. ඒ වෙලාවේදී මහඇමැතිතුමා කියා හිටියා උපදේශ කාරක සභාවට දාලා තමයි ඒ යෝජනාව අයින් කරන්නේ කියලා. මගේ යෝජනාවටත් ඕකම තමයි වෙන්නේ නේද කියලා ඒ වෙලාවේ මටත් පොඩි හිනාවක් ගියා.” යැයි කියමින් ආරම්භ වූ පියුමාල්ගේ කතාව විනාඩි දහයකට වැඩි කාලයක් පුරා ඇදී ගියේ වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විපක්ෂයට යට වී ඇති බවට සහ මේ වන විට පළාත් සභාවේ වැඩකටයුතු සිදුකෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂයට උවමනා එපාකම්වලට අනුව පරිදි බවට වූ දැඩි විවේචනාත්මක වාග් ප‍්‍රහාරයක්ද සමගිනි.

කෙසේ වෙතත් සභා රැස්වීම නිමවීමෙන් පසුව වෙනත් කටයුත්තක් සදහා මහ ඇමැති ධර්මසිරි හමුවීම සදහා මන්ත‍්‍රී පියුමාල් වයඹ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයට ගියේය. සභාවේ ඇති වූ උණුසුම් වචන හරඹ අමතක කළ ලීලාවෙන් පියුමාල් සුහද ලෙස පිළිගත් ධර්මසිරි, පියුමාල් පැමිණි කාරණාවද ඉටුකර දුන්නේය. ධර්මසිරි පියුමාල්ට කතා කළේ පියුමාල් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයෙන් යන්නට සැරසෙද්දීය. ”මල්ලි. සභාව ඇතුළේ අර විදිහට තදට කතාකරන්න යන්න එපා. මොනවා හරි ප‍්‍රශ්නයක් තියෙනවා නම් අපි එළියේදී කතාකරලා විසදගමු. දන්නේ නැද්ද ඉතිං , මේ පත්තරකාරයෝ ඕවා එක දෙක කරලනේ පත්තරවල දාන්නේ. ” ධර්මසිරි පියුමාල්ට කීය.

”රහස් සාකච්ඡා බැරි නම් මහින්ද ඕනෑ මගුලක් කරගත්තාවේ !”

ඇමැති නාවින්න පසුගිය ඉරිදා වාරියපොළ සුමංගල විද්‍යාලයට ආවේ කප් සිටුවන්නටය. නාවින්න කප් සිටුවන්නට ආවේ එසේ මෙසේ කාර්යයක් වෙනුවෙන් නොව ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය වෙනුවෙනි. වසරක් පාසා පැවැත්වෙන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ වාරියපොළ සුමංගල විද්‍යාලයේදීය. කප් සිටුවීමෙන් පසුව සුමංගල විද්‍යාල භූමියෙන් පිටවී යන්නට ගිය ිනාවින්න මාධ්‍යවේදින් විසින් වටකර ගත්හ. ඒ අන් කිසිවක් නිසා නොව පසුගිය සතියේ අඵ යට ගිනි පිටුවෙන් හෙළි කළ , ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ඞී. බී. හේරත්ගේ එළවිටිගම නිවසේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් යෙදුණු බව කියන රහස් සාකච්ඡාව පිළිබදව ඇමැති නාවින්නගේ මතය දැනගැනීම සදහාය. නාවින්නට කිට්ටු කර ඒ පිළිබදව විමසා සිටි මාධ්‍යවේදීන්ට නාවින්නගෙන් ලැබුණේ අපූරු උත්තරයකි. ”අනේ මම නම් එහෙම සාකච්ඡාවක් ගැන නම් දන්නේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ කියන්නෙත් මේ වෙනකොට කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙක්. මේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය ඇතුලේ ආසන දාහතරක් තියෙනවා. ඕනෑම ආසනේකට ගිහින් රහස් සාකච්ඡා බැරි නම් ඕන මගුලක් කරගන්න මහින්දට පුඵවන් !” නාවින්න කීවේ අවට රැස්ව සිටි පිරිසද සිනාගන්වමිනි.

අලවතුවලයි, දයාසිරියි මඩේ මුල්ගල් තියයි.

මීට මාස කිහිපයකට පෙරදී මහ ඇමැති සහ විපක්ෂ නායක ලෙස වයඹ පළාත් සභාව තුළ නිතර නිතර හැලහැප්පීම් ඇති කර ගත් ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල පසුගිය ඉරිදා කලෙකට පසු මුණගැසුණේ කටුපිටිය ටැම්පිට පුරාණ රජමහා විහාරස්ථානයේදීය. ඒ එදින එම විහාරස්ථානයේ අභිනව දානශාලා ගොඩනැගිල්ලට මුල්ගල් ගැබීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය. මුල්ගල් තැබීමේ උත්සවය කළ එළි ඇතිවම සංවිධානය කිරීමට දායක සභාව විසින් කටයුතු කර තිබූ නමුත් උත්සවයේ අසිරියෙන් වැඩි ප‍්‍රමාණයක් සේදී ගොස් තිබුණේ ප‍්‍රදේශයට ඇදහැලූණු ධාරානිපාත වර්ෂාව හේතුවෙනි. උත්සවයට සහභාගි වෙන්නට ආ දයාසිරිට සහ අලවතුවලට අසුන්ගැනීම සදහා ලැබී තිබුණේ එක ළ අසුන් දෙකකි. දයාසිරිට සහ අලවතුවලට අමතරව තවත් ආරාධිතයෙක් ඔවුන් සමීපයේ අසුන්ගෙන සිටියේය. ඒ මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලය. තමන් සහ අලවතුවල එක්ව පළාත් සභාවේ වැඩකළ කාලය පිළිබදව දයාසිරි විසින් නිලංගට විස්තර කර දුන්නේය. ”ඒ දවස්වල මම මහ ඇමැති. මෙයා තමයි විපක්ෂ නායක. පළාත් සභා රැස්වීම්වලදී අපි දෙන්නා හැමදාම ඇරගන්නවා. මෙයත් උදේ පාන්දරම මොනවා හරි කියලා මාව අවුස්ස ගන්නවා. ඉතිං සභාව ඉවර වෙනකම්ම වලි තමයි. ” දයාසිරි සිනහවෙමින් කීය. ”මට ඔයත් එකක් පුද්ගලික තරහක් තිබ්බේ නෑනේ දයාසිරි. මම කළේ විපක්ෂයේ රාජකාරිය හරියට කරපු එක විතරයි.” අලවතුවල පැවසීය. ”හරි. හරි දැන් ඒවා ඉවරයිනේ මචං. දැන් ඉතිං අපි ඔක්කොම යහපාලන ආණ්ඩුවේ කට්ටියනේ. පහුගිය කතන්දර අමතක කරලා අපි එතුවෙලා වැඩි කරමු.” දයාසිරි අලවතුවලගේ අත මත සිය අත තබමින් පැවසීය. කෙසේවෙතත් අනතුරුව එළැඹුනේ සුබ නැකැතින් දානශාලා ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවය. ඒ වන විටත් වර්ෂාව ඇදහැලෙමින් තිබීම නිසා දයාසිරිට සහ අලවතුවලට මුල්ගල් තබන ස්ථානය වෙත යෑමට සිදුවූයේ කුඩ යටිනි. වර්ෂාව හේතුවෙන් පන්සල් භූමිය එකම මඩ වගුරක් බවට පත් වී තිබීම නිසා දයාසිරි සහ අලවතුවල දෙදෙනාට මුල්ගල් තබන්නට සිදු වූයේද ඔවුන් හැද සිටි සරම් දණහිස තෙක් ඔසවාගෙනය.alu_yata_gini_nov_26a

උපුටාගැනීම – මව්බිම පුවත්පත , නොවැම්බර් 26 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article