Saturday, January 18, 2025

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ අරමුණ කුමක්ද ?

Must read

User comments
User comments

පාස්කු ඉරිදා ප්රහාර මාලාවේ අරමුණ කුමක්ද ? යන්න තවමත් අවිනිශ්චිතය. එසේම මේ හරහා රටේ ජන කොටස් අතර ගැටුමක් අැති වීමේ අවදානමද පහවෙමින් යයි.

රටපුරා ලේ වැගිරීමක් දකින්නට පුල පුලා සිටි අයගේ අපෙක්ෂාවන් බිඳ වැටී අැත.
එල්ල වූ එම බිහිසුනු ප්‍රහාරය හමුවේ රටේ සාමය හා සංහිඳියාව උදෙසා අඛන්ඩව පෙනී සිටින්නනන් ලෙස අප මහත් තැති ගැන්වීමකට ලක් වූයේ මෙහි අවසානය කුමන ප්‍රතිපලයක් අත් කරාවිද ? යන්න ගැන අනුමාන කරගත නොහැකි තත්ත්තවයක් උද්ගතව තිබූ හෙයිනි.
වෙනදා පාරට බැස වහාම කුමක් හෝ කටයුත්තක නියැලුනද මෙදා එ් ගැන බොහෝ දේ සිතන්නනට සිදුව තිබුනි. සමාජ මාධ්‍ය ජාලාවන් අවහිර කර තිබීම තුල එ් හරහාද යමක් කල හැකි වූයේ නැත.
අන්තිමේදී දින දෙකකට පසු කුරුණෑගල දේවසරණ සංවර්ධන කේන්ද්‍රයට එක්වූ පළාතේ දෙමළ සිංහල මුස්ලිම් ජනනායකයන් පිරිසක් පුළුල් සාකච්ඡාවක් කල අතර එහිදී  වැඩක් ලෙස  සිද්ධිය හෙලා දකිමින් මියගිය අයගේ පවුල් වෙත හා තුවාල ලැබුවන් වෙත ශෝකය පල කරමින් බැනර කීපයක් ප්‍දර්ශණය කිරීමට තීරණය කර ගන්නා ලදි. එ් අනුව රාජ්‍ය නොවන අායතන, මුස්ලිම් පල්ලි, හා මහමග පොදු ස්ථානයන්හි බැනර ප්‍දර්ශනය කෙරුනි.
මේ අතර වරින් වර අපගේ හිතවත් ක්‍ියාධරයන් අමතා
 ( ඔවුන් අතර මුස්ලිම් අයද සිටී )
එම ප්‍රදේශයන්හි තොරතුරු ලබා ගන්නා ලද අතර එහිදී ඉතා සුළු සිද්ධියක් හෝ වාර්තා නොවීම වාසනාවකි.
එක්තරා පිරිසක් දිගු කලක් තිස්සේ දැඩි මුස්ලිම් විරෝධයක් ගොඩ නගමින් සිටියද එය මුළුමනින්ම පුස්සක් කරමින් එම කාලකණ්නි පිරිසගේ උත්සාහාය බරපතල පරාජයකට පත්විය.
 මීට දින තුනකට පෙර  මා මගේ හිතවත් මුස්ලිම් වෙළඳ සැලකට ගොඩ වූයේ  ඔවුන්ව ධෙෙයර්‍මත් කිරීමේ අදහසින් වූ අතර මගේ දෙනෙත තුල විශ්මයක් මතු කරවමින් මා දුටුවේ තරුණ හිමි  නමක් එම වෙළඳ සැලේ අය සමගින් සුහද ලෙස හැසිරෙමින් යම් යම් දේ මිළදී ගනිමින් සිටිය බවය.
මේ හැර තවත් මුස්ලිම් පවුලක්  හමුවීමට ඔවුන්ගේ නිවසට ගියවිට එහි සිටි අවුරුදු දෙකක දැරියකට මා දන්නා දෙමළ වචන කීපයක් යොදා ගනිමින්  අැමතූ විට අැගේ පියා කියා සිටියේ අැය දෙමළ භාෂාව නොදන්නා බවය.
මීට සුලු මොහොතකට පෙර මවිසින් දුරකතනයෙන් අමතා තොරතුරු විමසූ පාරුක් සහෝදරයා බෞද්ධ පිරිවෙණක ඉගෙනගත් එහෙත් අදටත් මුස්ලිම් අාගම අදහන්නෙකි.
මෙරටේ සමහර පිරිස් මේ මරන් කන්නට තතනන්නේ මෙවැනි පසුබිමක් සහිත මිනිසුන්ව නොවේදැයි මට සිහියට නැගෙන විට මගේ දෙනෙත ඉබේම කඳුලින් පිරී යයි.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article