Saturday, November 23, 2024

පාසල් විවෘත කළත් හලාවත පාසල් වලට ළමුන් පැමිණ ඇත්තේ ඉතාම අඩුවෙන්

Must read

333 111 (1)
රජයේ පාසල් අද ( 23 ) සිට විවෘත කිරිමට රජය පියවර ගෙන තිබුණත් හලාවත අධ්‍යාපන කලාපයේ විවෘත කළ පාසල් වල අධ්‍යාපනය හදාරන දරුවන්ගේ පැමිණිම අතීශයින් දුර්වල වි තිබු බව හලාවත අධ්‍යාපන බලධාරින් පෙන්වා පවසයි. කොරෝනා අර්බුදය හමුවේ මේ වන විට තර්ජනයන්ට ලක්වි ඇති හලාවත වැල්ල ධිවර ගම්මානය හා දන්කොටුව මැල්ලව ගම්මානයන්හි දරුවන් අධ්‍යාපනය හදාරන එගොඩවත්ත සාන්ත සෙබස්තියන් මහ විදුහල සහ මැල්ලව කණිෂ්ඨ විදුහල සෞඛ්‍ය හේතුන් මත අද ( 23 ) දින විවෘත නොකළ අතර ඉදිරියේ දි පවත්වනු ලබන සාකච්චාවකින් අනතුරුව එම විදුහල් දෙක විවෘත කිරිමට කටයුතු කරණ බවත් පැවසිය.
බොහෝ පාසල් වලදරුවන් විසි දෙනෙකු ට අඩු සංඛ්‍යාවක් පැමිණ සිටි අතර සියළුම පාසල් වල ගුරුවර ගුරුවරියන්ගේ පැමිණිම නියමිත අයුරින් සිදු වී තිබේ. මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ කිසිම සුදානමකින් තොරව පාසල් විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම වයඹ පළාත් සභාව පියවර ගෙන තිබු අතර දෙමාපියන් බුද්ධිමත්ව පියවර ගැනීම නිසා ඔවුන් සිය දරුවන් පාසල් වලට නො එවා ඇති බවත් පාසල් වලට ආ ගුරුමණ්ඩල සාමාජික සාමාජිකාවන්ට පවතින තත්ත්වය හමුවේ  සිය ජිවිත ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියක නිරත විමට සිදුව ඇති බවත් පවසන ලදී.


ඔගස්ටින් ප්‍රනාන්දු

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article