Saturday, January 18, 2025

පාසල් ක‍්‍රීඩා පුහුණුකරුවන් බදවාගැනීමේදී පළාත් ක‍්‍රීඩා හපනුන්ට කැපිල්ලක් !

Must read

Bunch of gold, silver, and bronze medals held up by hand in bright blue sky

රජයේ පාසල්වල පවතින පුරප්පාඩු සදහා ක‍්‍රීඩා පුහුණුකරුවන් බදවාගැනීමට අයැදුම්පත් කැදවමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, අදාල තනතුරට අයැදුම්කිරීමේදී පළාත් ක‍්‍රීඩා උළෙලවලදී ලැබූ ජයග‍්‍රහණයන් සුදුසුකම් ලෙස ඇතුළත් නොවීමෙන් පළාත් මට්ටමින් දස්කම් දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇතැයි ඇතැයි සමස්ත ලංකා පළාත් ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු ප‍්‍රියනාත් සේනපාල මහතා කියයි.

අදාල තනතුරට අයැදුම්කිරීම සදහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා තරගයකදී අවම වශයෙන් තුන්වැනි ස්ථානය ලබා සිටීම හෝ ක‍්‍රීඩා අමාත්‍යාංශය මගින් පවත්වන ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී අවම වශයෙන් තුන්වැනි ස්ථානය ලබා සිටීම දක්වා තිබේ. එමෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන පළාත් ක‍්‍රීඩා තරගවලදී අවම වශයෙන් දෙවැනි ස්ථානය ලබා තිබීම හෝ ක‍්‍රීඩා පනත යටතේ ලියාපදිංචි ජාතික ක‍්‍රිඩා සංගම් හෝ අධ්‍යාපන අමාත්‍යංයේ ලියාපදිංචි ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා සංගම් මගින් පවත්වන ජාතික මට්ටමේ තරගයන්හිදී අවම වශයෙන් තුන්වන ස්ථානය ලබා සිටීම මෙම තනතුරට අයැදුම්කිරීමට අවශ්‍ය වෘත්තීය සුදුසුකම් ලෙස දක්වා තිබේ. ඒ අනුව අදාල ගැසට් නිවේදයෙන් පළාත් ක‍්‍රීඩා අමාත්‍යාංශ සහ පළාත් ක‍්‍රීඩා අමාත්‍යාංශ යටතේ ඇති ක‍්‍රීඩා සංගම් විසින් පවත්වනු ලබන ක‍්‍රීඩා උළෙලවලදී ලැබූ ජයග‍්‍රහණයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව සේනපාල මහතා පැවසීය.

මෙම ගැසට් නිවේදනයට අනුව පාසල් මට්ටමේ තරගවලදී දක්ෂතා දැක් වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පමණක් අදාල තනතුරට අයැදුම්කිරීමේ අවස්ථාව හිමි වී බවත්, ඊට වඩා තරගකාරීත්වයක් සහ ප‍්‍රමිතියක් සහිත පළාත් ක‍්‍රීඩා උළෙලවලදී දස්කම් පෑ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට එම අවස්ථාව අහිමි වී ගොස් ඇති බවත් හෙතෙම පැවසීය. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන පළාත් ක‍්‍රීඩා තරගවලදී ලැබූ ජයග‍්‍රහණයන් මෙම තනතුරට අයැදුම් කිරීමට සුදුසුකමක් ලෙස සලකන්නේ නම් ජාතික මහා ක‍්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන පළාත් ක‍්‍රීඩා උළෙලවලදී ලැබූ ජයග‍්‍රහණ මෙම තනතුරට අයැදුම්කිරීමේදී නොසලකා හැරීම විමතියට කරුණක් බවද සේනපාල මහතා පැවසීය. පාසල් හැර ගිය පසුවත් අඛණ්ඩවම ක‍්‍රීඩාවේ නියැලෙමින් සිටින තරුණ තරුණියන්ට එමගින් අසාධාරණයක් සිදු වී ඇතැයිද, ක‍්‍රීඩකයෙකුට පිවිසිය හැකි මූලික මට්ටමේ තනතුරු වන ක‍්‍රීඩා නිලධාරී, ක‍්‍රීඩා පුහුණුකරු හෝ ක‍්‍රීඩා ගුරු වැනි තනතුරු සදහා අයැදුම්කිරීමේදීවත් පළාත් ක‍්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවත්වන තරගවලදී දක්වන දස්කම් සලකා නොබලන්නේ නම් ඉදිරියේදී ක‍්‍රීඩාවට යොමුවන පිරිස් බෙහෙවින් අඩු විය හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ක‍්‍රීඩා සමාජ හරහා බිහිවී අවම පහසුකම් යටතේ ජයග‍්‍රහණ ලැබූ ගමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඔවුන් දුකසේ ලැබූ ජයග‍්‍රහණ සදහා මෙවැනි වටිනාකමක් හෝ ලබා නොදීමෙන් ඉදිරියේදී මෙරට ක‍්‍රීඩාව බිදවැටීමේ අවදානමක්ද මතු වී ඇතැයිද සේනපාල මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය යන අමාත්‍යංශයන් දෙකම එක්ව ක‍්‍රීඩා පුහුණුකරුවන් බදවාගැනීමේ සුදුසුකම් තීරණය කළ යුතුව තිබූ බවත්, එසේ නොවීමෙන් මෙම අවාසනාවන්ත තත්වය උදා වී ඇති බවත් හෙතෙම පැවසීය. මෙම අසාධාරණය පිළිබදව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැනුම්වත් කර ඇති බවත්, මෙය එක් පළාතකට පමණක් බලපාන ප‍්‍රශ්නයක් නොවන බැවින් සෙසු පළාත් සභාවන්හි අමාත්‍යංශ ලේකම්වරුන්ද දැනුවත් කර ඒ සදහා සුදුසු පියවරක් ගන්නා ලෙසට ඉල්ලමින් වයඹ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මෙනවිය වෙතද දැනුම්දීමක් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article