Saturday, January 18, 2025

පාරට කාපට් දාන්න ආපු ප්‍රියංකර ” හුල් ” ගැනත් කතා කරයි

Must read

58

(09.39am) ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සාර්ථකව මුහුණ දීමට තම පක්ෂයේ සාමාජිකයින් සියළුම දෙනා සුදානමින් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි. හලාවත සිට නයිනමඩම දක්වා වන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.
රජය විසින් ක්‍රියාත්මක කර ඇති කිලෝ මීටර් ලක්ෂයක මාර්ග කාපට් ඇතිරීමේ වැඩ සටහනට සමගාමීව මෙම මාර්ගයද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 50 කි.හලාවත සිට නයිනමඩම දක්වා මුහුදු වෙරළට සමාන්තරව ඇති කිලෝ මීටර් 15 ක දුරක් මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.මෙම මාර්ගය වසර 40 ක පමණ කාලයකින් කිසිදු රජයකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.එමෙන්ම හලාවත – කොළඹ මාර්ගයේ කිසියම් වාහන තදබදයක් ඇති වුවහොත් විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කිරීමට ඇත්තේ මෙම මාර්ගය පමණක් වීමද විශේෂත්වයකි.
මෙහිදී තව දුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු රාජ්‍ය ඇමති පියංකර ජයරත්න මහතා මෙසේද පැවසීය.
මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේ පක්ෂයේ අපේක්ෂකයින් පමණක් නෙමෙයි.ඡන්ද දායකයින්ද බලා ගෙන ඉන්නේ කුමන අවස්ථාවක මැකිවරණය පවත්වයිද කියලයි.ඒකට හේතුව තමයි රටේ ජනතාවට අවශ්‍ය වෙලා තිබෙනවා ශක්තිමත් පාර්ලිමේන්තුමක් හදලා එය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බාර දෙන්න.
මෙම මාර්ගය කාපට් ඇතිරීම ආරම්භ කළේ ඡන්දය ඉලක්ක කරගෙන කියලා ඇතැම් අය කියයි.නමුත් මගේ කිසිදු වැඩක මැතිවරණ හෝ ඡන්ද ඉලක්කයක් නැහැ.මට ඡන්දේ දෙන අය දෙයි.නැති අය නොදී ඉදියි.මට ඒකට කමක් නැහැ. මට අවශ්‍ය වන්නේ ගමට වැඩක් කරන්න විතරයි.මේ පාර හැදුනට පස්සේ විවිධ අය උප්පැන්න දෙන්න එයි.මට ඒත් කමක් නැහැ.කොහොම හරි පාර හදා ගන්න විතරයි මට අවශ්‍යය.

55

 

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් හිටපු රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙසේද පැවසීය. මැතිවරණ කොමිෂම කියන්නේ ස්වාධීන ආයතනයක්.ඒ කොමිෂමේ සාමාජිකයින්ට තමන්ගේ දේශපාලන මත ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. ඔවුන් තමන්ගේ දේශපාලන මත ප්‍රකාශ කරනවා නම් මැතිවරණ කොමිෂම ස්වාධීන එකක් වන්නේ නැහැනේ.මැතිවරණ කොමිෂමේ සාමාජිකයින් පත් කළේ අපි නෙමෙයි.පසුගිය රජය. මම කියන්නේ රත්නජීව හූල් මහතා කළ යුතු හොදම දේ වෙන්නේ ස්ව කැමැත්නේ ඉල්ලා අස්වීම පමණයි.එහෙම නැතිව වෙන කරන්න දෙයක් නැහැ.

මෙම අවස්ථාවට හලාවත නගර සභාවේ සහ නාත්ත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන නියෝජිතයින් කීප දෙනෙකුම සහභාගි වී සිටියේය.


ජූඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article