ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයේදී මුස්ලිම් ජාතික සන්ධානයේ (MNA) අපේක්ෂක අබ්දුල් අලි සබ්රි මොහොමඩ් රහීම් විශේෂ ජයග්රහණයක් ලබා ඇත.
1978 දී වර්තමාන මැතිවරණ ක්රමය හඳුන්වා දුන් දින සිට පුත්තලම් මැතිවරණ කොට්ඨාශයෙන් කිසිදු සාමාජිකයෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වී නොමැති අතර ශ්රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වරට සාමාජිකයෙකු තෝරාපත්කර ලැබුවේ පුත්තලම් මැතිවරණ කොට්ඨාශයෙන් වේ. මෙම මැතිවරණයේදී පුත්තලම් දිස්ත්රික්කයෙන් තරගවැදුන නියෝජිතයින් අට දෙනාගෙන් දෙදෙනෙකු පුත්තලම් මැතිවරණ කොට්ඨාශයෙන් තේරී පත්වී තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග වැදුන චින්තක අමල් මායාදුන්නනේ මහතා ද පුත්තලම මැතිවරණ කොට්ඨාශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබීම විශේෂත්වයකි.
තොරතුරු – puttalamonline.com