පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගය පක්ෂයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුව පොලීසිය විසින් 03 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සදහා සමගි ජනබලවේගය පක්ෂයෙන් තරග කරන ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව පදිංචි 24 හැවිරිදි අයෙකුවය.
පසුගිය 01 වැනිදා ආනවිළුන්දාව – නල්ලදරන්කට්ටුව පදිංචිකරුවෙකු වන හිටිහාමි කෝරාලලාගේ චන්ද්‍රසෝම ජයනන්ද යන අය විසින් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
තමා විසින් පදවා ගෙන ගිය ලොරි රථයෙන් දුහුවිලි විසිරුණු බව පවසා මැතිවරණයට තරග කරන අපේක්ෂයා සහ තවත් අයෙකු තමන්ට පහර දුන් බව පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා ඇති අතර ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.