Saturday, November 23, 2024

පහරකෑම් වලට විරෝධය දක්වමින් සමෘද්ධි නිලධාරීන් වර්ජනයේ

Must read

සමෘද්ධී නිලාධාරීන්

(10.03am) පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන සියළුම සමෘද්ධි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇත. පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් තුෂාර ලෝව් මහතා මේ බව සදහන් කළේය.

පසුගිය 22 වැනිදා සිට මේ වන විට ස්ථාන 04 කදී සමෘද්ධි නිලධාරීන්ට පහර දීම් සිදුවී ඇත.ආණමඩුව – මහකුඹුක්කඩවල ප්‍රදේශයේ දී සමෘද්ධි නිලධාරීන් දෙදෙනෙකුටද,මාදම්පේ – කුඩාබිංගිරිය ප්‍රදේශයේදී සමෘද්ධි නිලධාරීණියකටද, දංකොටුව – කොස්වත්ත ප්‍රදේශයේදී සමෘද්ධි නිලධාරියෛකුටද පහර දීම් සිදු කර ඇත.

මෙම පරහ දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශ වල පොලීසිය වලට පැමිණිළි කිරීමටද සමෘද්ධි නිලධාරීන් කටයුතු කර ඇත.

මේ අතර,හලාවත – වෙරළබඩ කලාපයේ සමෘද්ධි නිලධාරීණිය රුපියල් 5000 ක් වෙනුවට රුපියල් 3000 ක මුදලක් ජනතාව අතර බෙදා දෙන බවට වූ අසත්‍ය ප්‍රචාරයක් එම ප්‍රදේශයේ අයෙකු විසින් සමජ ජලා මාධ්‍යයක පළ කර ඇත.ඒ සම්බන්ධයෙන් පැමිණිළි ලැබීමෙන් අනතුරව ඔහුව අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය කටයුතු කර ඇත.

පසුගිය 24 වැනිදා සවස ආරච්චිකට්ටුව – දෙමටපිටිය ප්‍රදේශයේදී සමෘද්ධි නිලධාරියෙකුට සහ ග්‍රාම නිලධාරියෙකුට පහර දීමක් සිදුවී ඇත.

නිරන්තර සිදුවන තම නිලධාරීන්ට පහර දීමේ සිද්ධීන් වලට විරෝධය පළ කරමින් සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බව පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් තුෂාර ලෝව් මහතා පැවසීය.25 සහ 26 වැනි දිනවලද රජය විසින් ලබා දෙන රුපියල් 5000 ක දීමනාව ජනතාවට ලබා දීමට සුදානම් කර තිබුණත් පවතින තත්ත්වය නිසා ඉන් ඉවත් වන බවද හෙතෙම කියා සිටියේය.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article