තබ්බෝව රක්ෂිතයට නීතිවිරෝධී ලෙස ඇතුඵ වී එහි තිබූ වටිනා ශාඛ තොගයක් දරට කපා ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු සහ ඒවා ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක්ද පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරට ලැබුණු තොරතුරක් මත මග රැකවල් ලා කරන ලද හදිසි මාර්ග පරීක්ෂාවකදී තබ්බෝව රක්ෂිතයේ තේවනුවර ප්රදේශයෙන් කපා ප්රවාහනය කරමින් තිබූ බව කියන මෙම දැව තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
පාරිසරික සහ වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති බවට සැලකෙන පලු, වීර, බුරුත සහ තම්මැන්නා ගස් කපා දැමීමෙන් පසුව අඩි 02 ක ප්රමාණයට සකස් කර තිබූ දැව කොටන් 1625 ක් එම ලොරි රථයේ පටවා තිබියදී පොලිස් භාරයට ගැණිනි.
අත්අඩංගුවට ගනු ලැබු දැව තොගය හා ලොරි රථය , සැකරුවන් දෙදෙනාද සමග පුත්තලම අඩවි වන නිලධාරී කාර්යාලයට භාරදී තිබේ.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ