Saturday, January 18, 2025

”පරිසරය ආරක්ෂා කරන රාජ්‍ය නිලධාරීන්ව අප රැකගත යුතුයි” -වයඹ හඬ පරිසර සංවිධානය

Must read

127041346_717667745796189_1319687753729184286_n

පොළොන්නරුව වෙහෙරහේන ප්‍රදේශයේදී පසුගියදා  අමාත්ය විමලවීර දිසානායක විසින්  වනජීවි නිලධාරීන්ට කල බලපෑම් කිරීම  වයඹ හඬ පරිසර සංවිධානය විසින් හෙළාදකිමින්  අමාත්‍යවරයාගේ හැසිරීමට සිය විරෝධය දක්වන ලදී. පසුගියදා  වයඹ හඬ පරිසර සංවිධානයේ මාධ්‍ය හමුවක් එම සංවිධානයේ සභාපති පුජ්‍ය විල්පත පේමානන්ද හිමියන්ගේ මූළිකත්වයෙන් පවත්වන ලදී.  එහිදී ඔවුන් අවධාරණය කළේ අමාත්‍යවරයාගේ මෙම හැසිරිම සම්බන්ධයෙන් රජය නීතිමය පියවර ගතයුතු බවයි. එමෙන්ම මේ රටේ දැවැන්ත අභියෝගයකට ලක්ව ඇති පරිසරය රැකගැනීමට උත්සාහා දරන රාජ්‍ය නිලධාරීන් රැකගතයුතු බවයි. රටේ පරිසර රැකගැනීමට උත්සාහා දරන අවංක රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කර , ඔවුන්ව දුර්වල කිරීමට උත්සාහා දරන දේශපාලකයින්ට පවතින නීතිය යටතේ දඩුවම් පැමිණිය යුතු බවත් එම සංවිධානය විසින් අවධාරණය කර සිටියි.

අජිත් ගිහාන්  මහතා  ( ප්‍රා.සභා මන්ත්‍රී ආරච්චිකට්ටුව – ක්‍රියාකාරී සාමාජික වයඹ හඬ පරිසර සංවිධානය )127218440_717667785796185_5395367101668238791_n

මෙම ප්‍රදේශය මහවැලි  ආශ්‍රිතව තිබෙන වන උද්‍යානයකින් සමන්විත ප්‍රදේශයක්. ඒ වගේම ඒ ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලා ඉල්ලීමක් කරලා තිබුණා ප්‍රධාන මාර්ගයට ගමන්කිරීමට මාර්ගයක් ඉදිකරලා දෙන්න කියලා. ඒම ඉල්ලීමත් මේ පසුබිමේ තියෙනවා. එයට අමතරව අපට පේන තව දෙයක් තමයි  මහවැලි ගගේ තිබෙන වැලි නීති විරෝධී ආකාරයට ප්‍රවාහනය කිරීමටත් මාර්ගයක අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා මාර්ගයක් තනා දෙන්න කියලා ජනතාවගේ තිබෙන ඉල්ලීමේ සාධාරණ පැත්තක් තිබෙන අතර මෙහි ආර්ථිික වශයෙන් වෙන හානියකුත් තිබෙනවා. එයට අමතරව මෙහි තවත් කාරණයක් ලෙස  මෙම ප්‍ර දේශයේ ආදීවාසීන් සිටිනවා, මුස්ලිම් ගම්මාන තිබෙනවා. මේ සියලු දෙනාම කෘෂිකාර්මික කටයුතු කරමින් තමයි තමන්ගේ ජීවන ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්නේ. ඒ අතර තමන්ට අයිති ඉඩම් මෙම වනාන්තර භූමියේ තිබෙන බවත් ඔවුන් පවසනවා. වනරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොහොමද මේ ජනාතවගේ ඉඩම් අත්පත්කරගෙන තියෙන්නේ කියන ප්‍රශ්නයත් මෙතනදී මතුවෙනවා. 2008 රජය විසින් වන රක්ෂණයට සීමා කර ඇති ඉඩම් වලට මෙම ජනතාවට අයිති ඉඩම් කොටසක්ද අයිති වෙනවා. ඒ ඉඩම් තමා මේ ජනතාව ඉල්ලමින් තියෙන්නේ. මෙතනදී මේ ගැටුම විසදීමට තමා වනජීවී නිලධාරින් මැදිහත්වෙමින් ඉන්නේ. මේ ගැටුම 2008 දී නිර්මාණය කරපු රජය පවතිද්දීත් විමලවීර දිසානායකථ සහ රොෂාන් රණසංහ කියන අමාත්‍යවරුන් ඒ රජයේ සිටියා. ඔවුන් ඒ අවස්ථාවේදී මේක විසදුවේ නෑ. දැන් මේ ප්‍රශ්නය විසදන්ඩ හදන රාජ්‍ය නිලධාරීන්ට තමා විමලවීර දිසානායක අමාත්‍යවරයා බලපෑම් කරන්නේ.

සභාපති පුජ්‍ය විල්පත පේමානන්ද හිමියන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article