Saturday, January 18, 2025

පරාදය කරණු ලැබු හලාවත නගර සභාවේ 2021 අයවැයට ආන්ඩුකාරවරයාගේ අනුමැතිය

Must read

uc chilaw'
අවස්ථා දෙකකදි විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ බහුතර ජන්දයෙන් පරාදය කරණු ලැබු හලාවත නගර සභාවේ 2021 වාර්ෂික අයවැය යෝජනා තමන් වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව සම්මත වු අයවැයක් වශයෙන් බලාත්මක කිරිමට වයඹ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසින් අවශ්‍ය අනුමතිය ලබා දි ඇති බව වයඹ ප්‍රධාන ලේකම් ආර්.ඒ. එස්.ජයතිලක මහතා විසින් දන්වා ඇත. දෙවරක් නගර සභාවේ පැවැති ජන්ද විමසීම් වලින් පරාදය වු අයවැය සම්බන්ධයෙන් වයඹ ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කිරිමෙන් පසු ආණ්ඩුකාරයා විසින් මෙම දැන්වීම නගර සභාවේ සභාපති වෙත එවා තිබුණි. මේ සම්බන්ධයෙන් වයඹ ප්‍රධාන ලේකම් ආර්.ඒ.එස්.ජයතිලක මහතා විසින් හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා( එජාප) වෙත ලිඛිතව දැනුම් දි ඇති බවව නගර සභාව කියයි.
නගර සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පළමු රැස්වීමේ දි සභාපතිවරයා විසින් 2021 වසර සදහා අයවැය යෝජනා ඉදිරිපත් කළ අතර ඒ සදහා ජන්ද විමසීමේ දි පාලක එජාපයට පක්ෂව ජන්ද හයක් ලැබුණ අතර විපක්ෂව ශ්‍රී ලංකා පොදු පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ජනතා විමුක්ති පෙරමුණ එකතුව ජන්ද 13 ක් ලබා දී තිබුණි.
එජාප මන්ත්‍රි ඩබ්ලිව්.රේගන් ප්‍රනාන්දු මහතා මෙදින සබාවට පැමිණ සිටියේ නැත.
අනතුරුව අයවැය දෙවන වරටත් සම්මතය සදහා ඉදිරිපත් කළ අතර පාලක එජාපයට ජන්ද 6 ක් ද විපක්ෂව ශ්‍රිලනිප හා ශ්‍රිලපොපෙ එකතුව ජන්ද 12 ක් ද ලබා දි තිබුණි. ජවිපේ එකම මන්ත්‍රීවරයා එවර ජන්දය පල කිරිමෙන් වැළකි සිටියේය. එජාප මන්ත්‍රි ඩබ්ලිව්.රේගන් ප්‍රනාන්දු මහතා මුල්වරට මෙන් දෙවන වරට ජන්ද විමසන අවස්ථාවේ දි සභාවට පැමිණ සිටියේ නැත. පසුගිය නගර සභා මැතිවරණ ප්‍රතිළඵල අනුව එජාපයට මන්ත්‍රිවරුන් 7ක් ද ශ්‍රීලනිප හා ශ්‍රීලපොපෙ මන්ත්‍රි තනතුරු හය බැගින්ද ජවිපෙට මන්ත්‍රි තනතුරු එකක් ද හිමිව තිබු අතර එජාප හා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් හවුල්වි සභාවේ බලය ගෙන ගියහ. එහෙත් මෙවර අයවැයේ දි එම හවුල බිදි තිබු අතර මේ වන විට පාලක පක්ෂයට මන්ත්‍රිවරුන් 7 ක් විපක්ෂව මන්ත්‍රි මන්ත්‍රිවරුන් 13ක් ද ඇතුළත්ව ඇති බව වාර්තාවි ඇත.
වයඹ ප්‍රධාන ලේකම්වරයා විසින් හලාවත නගර සභාවේ සභාපතිවරයා වෙත එවා ඇති ලිපිය අනුව 2021 වසර සදහා අයවැය ඉදිරිපත් කිරිමේ දි නගර සභාපති හා එහි ලේකම්වරයා නිසි ලෙසින් කටයුතු කර ඇති බවත් සභාවට අයවැය ඉදිරිපත් කළ අවස්ථාවල දි එය බලාත්මක කිරිමට එරෙහිව විරෝධය පල කරමින් ජන්දය දුන් කිසිදු මන්ත්‍රිවරයෙකු කිසිදු කරුණක් විරෝධතාවක් ඉදිරිපත් කර නැති හෙළි වි ඇති බව කියා ඇත. ඒ අනුව එම මන්ත්‍රිවරුන් 255 අධිකාරිය වු නගර සභා ආඥා පනතේ 184 වන වගන්තිය ප්‍රකාරව එය ඔවුන් වෙත පැවරි ඇති කාර්ය භාරය ඉටු කිරිම පැහැර හැරීමක් වන බවත් පෙන්වා දි ඇත. තවද සිය විරෝධය පල කළත් ඊට හේතුවු නිශ්චිත කරුණු දැක්විමක් කිසිදු මන්ත්‍රිවරයෙකු ඉදිරිපත් කර නැති බවත් බව ද වයඹ ප්‍රධාන ලේකම් වරයා සිය ලිපිය මගින් පෙන්වා ඇත. ඒ අනුව 2199/5 යටතේ පත් කරණ ලද 2020 නගර සභා අයවැය සම්පාදන හා බලාත්මක කිරිමේ නිති රිති මාලාව මත 1516 වගන්තිය ප්‍රකාරව හලාවත නගර සභාවේ 2021 අයවැය සභාවේ සම්මත වු අයවැයක් ලෙසින් ආණ්ඩුකාරවරයා පිලිගැනීමට තීරණය කර ඇති බව ද එම ප්‍රධාන ලේකම්වරයා විසින් එවා ඇති ලිබිය අනුව දක්වා ඇත.

 ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article