පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු වාර්තාවීම නිසා පන්නල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මැයි මස 02 වන දින දක්වා වසා තැබීමට වයඹ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසින් තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. (ලංකාදීප ) ඒ අනුව ගිරිඋල්ල වික්‍රමශීලා, පන්නල සහ සඳලංකා යන ජාතික පාසල් ඇතුඵ කොට්ඨාශයට අයත් පාසල් 55 ක් මේ යටතේ වසා තැබෙන බව වාර්තා වේ.
පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු වාර්තාවීම සහ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ කොරෝනා වෛරස ආසාදිතයන් ගණන සීග්‍රලෙස වැඩිවීම නිසා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරනය ගෙන ඇති බවද සඳහන්වේ