වසර පහක කාලයක් සිය වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක ලක් කර සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දින තුනක කාලයක් සදහා විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහින් පිලපිටිය මහතා විසින් ඊයේ (31 දා) අවසර ලබා දුන්නේය.
තම බිරිදට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම පිණිස සිංගප්පූරුවට බලා යාමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මෝසමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම අවසරය ලබා දුන්නේය.
ඒ අනුව රුපියල් ලක්ෂ විසි පහක අමතර ශරීර ඇපයක් මත ජනවාරි 4 වැනිදා සිට ජනවාරි 7 වැනිදා දක්වා වූ දින තුනක කාලය තුළ විදෙස් ගතවීම සදහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අවසර ලැබී තිබේ.