Tuesday, March 11, 2025

නෙෆර්ටිටි 2025

Must read

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් කීපයකම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට චිත්‍ර කලාව උගන්වන ආචාර්්‍යවරයෙකු වන රුවන් සමීර මහතා විසින් පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශනයක්
( Nefertiti Exhibition 2025 ) සහ ඊට සමගාමීව පවත්වන ලද සම්මාන ලබාදීමේ උත්සවයක් පසුගිය පෙබරාවරි 04 වනදා වෙන්නප්පුව සම්පත් උත්සව ශාලාවේදී පැවැත්විනි. මෙහිදී රැවන් සමීර මහතා යටතේ චිත්‍ර කලාව හදාරන සිසුන්ගේ චිත්‍ර 500ක් පමණ ප්‍රදර්ශනය කෙරිනි. චිත්‍ර ප්‍රදර්ශනයෙන් පසුව රාත්‍රියේ දී දරුවන් ඇගයීමේ සම්මාන ප්‍රධාන උත්සවයක් පැවැත්වුණ අතර එම අවස්ථාවට දරුවන්ගේ දෙමාපියන්ද සහභාගී වූහ.

නෙෆර්ටිටි 2025 චිත්‍ර ප්‍රදර්ශනය පැවති අවස්ථාවට ප්‍රධාන අමුත්තන් ලෙස රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු, වෙන්නප්පුව ශෝෂප් වාස් විද්‍යාලයේ විදුහල්පති ගරු ප්‍රියන්ජීව ගුණරත්න පියතුමා ඇතුලු එම ප්‍රදේශයේ ප්‍රධාන පාසැල් කීපයකම විදුහල්පතිවරුන් සහභාගි විය.

චිත්‍ර කලාව ඉගෙන ගන්නා තමන්ගේ ශිෂ්‍ය ශිෂයාවන් හට විෂයට අමතරව සෞන්දර්්‍යාත්මක අත්දැකීමක් ලබාදිම වෙනුවෙන් රුවන් සමීර මහතා විසින් පසුගිය වසර කීපයක සිට සිය සිසු සිසුවියන් හට විවිධ වැඩසටහන් පවත්වා ඇත. දරුවන් විෂයට පමණක් සීමා නොවී බාහිර පරිසරය තුළ චිත්‍ර කලාව මෙන්ම කලාව,සෞන්දර්්‍ය අත්විදීමට අවස්ථාවක් සලසා දිම වෙනුවෙන් Painting Camp වැනි වැඩසටහන් ඒ අතර වෙයි. රැවන් සමීර මහතා කලක් වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ ආචාර්්‍යවරයෙක් ලෙස සේවය කළ අතර මේ වනවිට මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ සේවය නිරතව සිටීයි. සිසු සිසුවියන්ගේ හැකියාව පමණක් නොව ආකල්ප සහ කුසලතා වර්ධනය වෙනුවෙන් සිදුකරන මෙවැනි වැඩසටහන් අද සමාජයට මහත් ආදර්ශයකි.

Painting Camp

Painting Camp

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article