(10.34am)අගෝසතු මස 18 වනදින නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ ගතවීමට උත්සාහා කළ පුද්ගලයන් 10 දෙනෙකු හලාවත අඹකදවිලදී හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ආසන්නයේදීම වෙන්නප්පුව නයිනමඩම ප්රදේශයේ නිවසක් කුලියට ගෙන එහි රැඳී සිටි පුද්ගලයින් කණ්ඩායමක්ද අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලද්දේ හලාවත පොලීසිය විසින් වන අතර ඔවුන් පසුව ඇප මත මුදාහරින ලදී.
මෙම පුද්ගලයන් බෝට්ටු මාර්ගයෙන් විදේශගත කිරීම සඳහා සැලසුම් කළ පුද්ගලයා ප්රදේශයෙන් පැනගොස් ඇති අතර මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නොමැත. එමෙන්ම නයිනමඩම ප්රදේශයේ නිවසක රැඳී සිටි පිරිසට නිවසක් සොයාදුන් පුද්ගලයාද මේ වනතෙක් පොලිසියෙන් වසං වී සිටින බව වාර්තා වේ.
මුහුදු මාර්ගයෙන් පැන යාමට උත්සාහ කළ පිරිසක් හලාවතදී අත්අඩංගුවට