Saturday, September 21, 2024

නිසි මිලක් නොමැතිව  කල්පිටියේ ගෘහ කොහු කර්මාන්තය අනතුරේ

Must read

    

කල්පිටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් මදුරන්කුලිය, විරුතෝඩෙයි ප්‍රදේශයේ ගෘහ කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යනු ලබන කොහු කර්මාන්තය මේ වන විට පාඩු ලබන කර්මාන්තයක් බවට පත්ව ඇතැයි  දිණමිණ වෙබ් අඩවිය වාර්තා කරයි.එහි වැඩිදුරටත් වාර්තා වන්නේ මේ තත්ත්වය නිසා මෙම ගෘහ කර්මාන්තය තුළ යැපෙන කර්මාන්තකරුවන්ගේ ආර්ථිකයට ඍජු බාධා එල්ලවී ඇති බවට ඔවුන් මැසිවිලි නඟන බවයි.

මෙරට පොල් ත්‍රිකෝණයට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම පොල් වතු සංඛ්‍යාවක් කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටා ඇත.
එම පොල් අස්වැන්න විශාල වශයෙන්  ලෙලි ගසා අපනයනය කරන අතර මේ අනුව මේ ප්‍රදේශයේ පොල් වතුවල එකතුවන පොල් ලෙලි (මට්ටා) ඇළ දොළවල වැනි  ජලය බැස යන ජල මාර්ගවල ගොඩ ගැසේ. මේ තත්ත්වය නිසා පසුකාලීනව මෙලෙස තැන තැන එක් රැස්වන පොල් ලෙලි වලින් ආර්ථික වශයෙන් ලාභ ලබාගත හැකි බව හඳුනා ගත් එම ප්‍රදේශයේ සමහර පිරිස් එම පොල් ලෙලි වලින් කොහු නිෂ්පාදනය ඇරඹිය.

     දිනමින වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි මෙම ප්‍රදේශයේ නිසි ලෙස පාසල් අධ්‍යාපනයක් නොමැති වූ රැකියා විරහිත තරුණ තරුණියන් විශාල පිරිසකට මෙම කොහු කර්මාන්තය තිරසාර පිළිසරණක් බවට පත් විය.

ඒ අනුව මෙරටට විදේශ විනිමය රැගෙන එන සියලුම කර්මාන්ත සහ සේවාවන්ට  රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබුණ ද, කොහු කල්මාන්තයට රජයෙන් සැලකිය යුතු ලෙස අනුග්‍රහයක්ද ලැබී නොමැත .

මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේදී .මේ වන විට සම්පූර්ණයෙන්ම කොහු කර්මාන්තය අඩපණ වන්නට පටන්ගෙන ඇත .  දිණමිණ වෙබ් අඩවි වැඩිදුරටත් අනාවරණය කරන පරිදි මෙම තත්වය කර්මාන්තකරුවාගේ වරදකින් සිදු වූවක් නොවුණද අද වන විට කොහු කර්මාන්තකරුවා එහි වන්දි ගෙවන්නකු බවට පත්ව හමාරය.

එයට බලපා ඇති ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ මොවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේ නියමිත මිලක් නොතිබීම සේම මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලාකරුවන් මොවුන්ගේ නිෂ්පාදන අඩු මිලට ගැනීම ආදී කරුණු නිසාවෙනි.

තවද මේ දිනවල පවතින උග්‍ර ඉන්ධන මිල සේම උග්‍ර විදුලි ගාස්තුව ආදී හේතු නිසාවෙන් ද සිය කර්මාන්තය මේ වන විට සම්පූර්ණයෙන්ම පාඩු ලැබීම හේතුවෙන් ඔවුන්ගේ ආර්ථිකය ද ඍජුවම කඩා වැටීමකට ලක්ව ඇති බවට මෙම කර්මාන්තය තුළ නියැලෙන පිරිස් මැසිවිලි නඟන බවද දිනමිණ වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙයි. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article