Saturday, January 18, 2025

නිවෙස් වලට වී සිටින ලෙස පුත්තලම සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල ජනතාවට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලින් දැඩි උපදෙස්

Must read

c&w

කොවිඩ් 19 වෛරසය ආසාධිත වූ බවට තහවුරු වූ පුද්ගලයෙන් දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග පුත්තලම සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල ජනතාවට නිවෙස් වලටම වී සිටින ලෙස සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ විසින් උපදෙස් ලබා දීමට කටයුතු කර ඇත.

28 වැනිදා රාත්‍රීයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ විසින් මෙම උපදෙස් නිකුත් කිරීම සිදු කරන ලදි.

පුත්තලම – කවයන්කුලම ගම්මානය මේ වන විට වසා දමා ඇත.

පුත්තලම කවයන්කුලම (කේ.කේ.වීදිය) ප්‍රදේශයේ කොරෝනා ආසාධිත බවට තහවුරු වූ රෝගියෙකුව 28 වැනිදා හදුනා ගන්නා ලදි.50 හැවිරිදි මෙම අය ඉන්දුනීසියාව සහ තායිලන්තයේ ව්‍යාපාරික කටයුතු සදහා ගොස් පසුගිය 17 වැනිදා මෙරටට පැමිණ ඇත.පසුව ඔහු රෝගී වීම නිසා පසුගිය 27 වැනිදා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇත.කුරුණෑගල ශීක්ෂණ රෝහලේදී සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඔහු කොරෝනා වෛරසය ආසාධිත වූ අයෙකු බවය.

ඒ සමගම ක්‍රියාත්මක වූ ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ එම අය පදිංචිව සිටි කවයන්කුලම ප්‍රදේශයට පැමිණ ජනතාව දැණුවත් කිරීම සිදු කරන ලදි. වෛරසය ආසාධනය වී ඇති අය විදෙස් ගතව සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ආගමික දේව මෙහෙයකට සහභාගි වී ඇති බවත්,ඥාතීන් හමුවීම සදහා විවිධ ස්ථාන වලට ගොස් ඇති බවත් සිදු කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.ඒ අනුව ඔහුගේ බිරිදගේ ඥාතීන් කීප දෙනෙකු සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අංශ දැඩි අවදානයක් යොමු කර ඇත.

මේ අතර,නාත්තන්ඩිය ගැමුණු මාවතේ පදිංචි 56 හැවිරිදි අයෙකුද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අයෙකු බවට 28 වැනිදා හදුනා ගෙන ඇත.රෝගී තත්ත්වයෙන් හලාවත මහා රෝහලට ඇතුළත් වී එම අයව කොළඹ උණ රෝහලට මාරු කර යවා සිදු කරන ලද විමර්ශණයකින් මේ බව අනාවරණය වී ඇත.

මෙම අය ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන අයෙකි.ඔහු විදෙස් ගතව සිට මෑතකදී දිවයිනට පැමිණ ඇති බමව ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන ඇත.මෙරටට පැමිණීමෙන් අනතුරුව හෙතෙම ආගමික වතාවත් වල නිරත වී ඇති බවත්,පවතින තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇති අයට වියලි ආහාර බෙදා දීමක් සිදු කර ඇති බවද සෞඛ්‍ය බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මිය ගිය පළමු පුද්ගලයා වාර්තා වී ඇත්තේ මාරවිල ප්‍රදේශයනි.60 හැවිරිදි ඔහු මාරවිල – හත්තිනිය අරලිය උයන පදිංචිකරුවෙකි.සංචාරක මග පෙන්වන්නෙකු ලෙස සේවය කර ඇති ඔහු පසුගිය 16 වැනිදා කොළඹ උණ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් වී ඇත.රෝහල් ගත වීමට පෙර ජර්මන් ජාතික කණ්ඩායමක් සමග ඔහු මෙරට සංචාරයේ නිරත වී ඇත බවටද තොරතුරු අනාවරණය වී ඇත.


ජුඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article