Saturday, November 23, 2024

නිරෝෂන් චිත්‍රාල්ට මෙච්චර බය ඇයි ?

Must read

 

 

 

niroshan

 

 

 

 

 

 

නාමයෝජනා බලාපොරොත්තුවෙන් වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු ජුලි 7 වනදාත් 08 වන දාත් සිරිකොත සිය පක්ෂ මුලස්ථානයට ගොස් තිබුණි.
ඒ පැවැති සාකච්ජාවන් සාර්ථක බවත් බොහෝ විට ජුලි 09 වනදාට නාම යෝජනා අත්සන් කරන්නට අවස්ථාව ලැබිය හැකි බවත් ඔහු සිය මාධ්‍ය මිතුරන් හටද දන්වා තිබුණි,
ඒ වන විටත් වයඹ පළාත් සභාවේ චිත්‍රාල් සහ ජයවික්‍රම පෙරේරාගේ පුත්‍රයා හැරෙන්නට අන් සියල්ලෝම නාම යෝජනා අත්සන් කර තිබු්ණි,
පසුගිය පළාත් සභා මැතිවරණයේදි ඔහු මනාප වලින් පුත්තලම් දිස්ත්‍රික්කයේ තුන් වැන්නාට පැමිණ තිබුණි.මනාප වලින් ඔහුටත් පසුපසින් සිටි පසුගිය රජය හා එක්ව වැලි මැටි කැපු සහ කොන්ත්‍රාත් කරමින් හරිහබ්බකරගත් අශෝක ප්‍රියන්ත යන අයටද නාමයෝජනා ලැබුණි,
කෙසේ හෝ චිත්‍රාල් මෙවර මැතිවරණ සටන් බිමෙන් ඉවත් කරනොගත හොත් තමන් පරදින බව හොදින්ම දැන සිටි නිරෝෂන් පෙරේරා ජුලි 09 වෙනිදා සිය අන්තිම තුරුම්පුව ඇද්දේය.
ඒ නාමයෝජනා මණ්ඩලයේ සිටි මලික් සමරවික්‍රමගේද ඇස් නිලංකාර කර දමමිනි.
ඒ හලාවත ශ්‍රිලනිප  නගරාධිපති හිලරි ප්‍රසන්න නැමැත්තාව මැතිවරණය සදහා කැදවාගෙන ඒමෙනි.
ජුලි 09 වෙනිදා හලාවතින් ඉල්ලනට නාමයෝජනා අත්සන් කරන්නට පැමිණි චිත්‍රාල් සියළු බලපොරොත්තු නිරෝෂන් පෙරේරා විසින් තුඡ්ඡ ලෙසින් මෙසේ උදුරාගෙන තිබුණි.
වැඩබැරි පැරිෂුට් ටාසන් කෙනෙකු වු නිරෝෂන් ප්‍රතිපත්තිගරුක තරුණ දේශපාලකයෙකු වු චිත්‍රාල් මේතරම් බය ඇයිද යන්න තේරුම් ගැනිමට මහලොකු බුද්ධියක් අවශ්‍ය වන්නේ නැත,ඇත්තේ සරල පිළිතුරකි,නිරෝෂන් යනු වැඩ බැරි ටාසන් කෙනෙකි.
ෆයස් ප්‍රනාන්දු – වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article