Saturday, January 18, 2025

නිරෝධායනය මගහැර පැමිණි 1015 ක් පුත්තලම් දිස්ත්‍රික්කයේ

Must read

airport2

ඉතාලිය ඇතුළු වෙනත් රටවල් වලින් මෙරටට පැමිණ නීරෝධයන කිරීමේ මධ්‍යස්ථාන වෙත නොගොස් සෘජුවම තමන්ගේ ගම් බිම් බලා පැමිණි 1015 කට ආසන්න පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කය තුළ සිටින බව සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.

පසුගිය 01 වැනි දිනෙන් පසුව විදේශ රටවල් වල සිට මෙරටට පැමිණි පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමේ මෙහෙයුමක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇත.එම වැඩ සටහනට අනුව නිරෝධයනය කිරීමේ මධ්‍යස්ථාන වලට නොගොස් සෘජුවම තමන්ගේ නිවාස වලට පැමිණි පිරිස් සොයා ගැනීමට හැකිවී ඇත.

එසේ පැමිණ රැදී සිටින වැඩිම පිරිසක් සිටින බවට වාර්තා වී ඇත්තේ වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.එම පිරිස 250 ඉක්මවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.160 දෙනෙකු හලාවතද,150 දෙනෙකු මහවැව,110 ක් දංකොටුව සහ 130 දෙනෙකු නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල සිටින බවට සිටින බවට එම විමර්ශණයේදී අනාවරණය කර ගෙන ඇත.

තවද,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස ගත් විට කල්පිටිය 65 ක්, මාදම්පේ 45 ක්,ආණමඩුව 30,කරුවලගස්වැව 11 ක්, නවගත්තේගම 05 ක්, ආරච්චිකට්ටුව 19 ක්,පුත්තලම 40 ලෙස වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.පුත්තලමෙන් වාර්තා වී ඇති අය අතර වනාතවිල්ලුව – අරුවක්කාළු ප්‍රදේශයේ පවත්වා ගෙන යන කසල අංගනයයේ සේවය සදහා පැමිණි චීන ජාතිකයින් පිරිසක්ද වේ.

හදුනා ගෙන ඇති පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඒ ඒ කොට්ඨාස වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිනකට සිව් වතාවක් ඔවුන් රැදී සිටින නිවාස සහ නවාතැම් පොලවල් වලට යාම සිදු කරති.දිනපතා ඔවුන්ව නිරීක්ෂණය කිරීම සහ උපදෙස් ලබා දීම සිදු කරන බවද සෞඛ්‍ය නිලධාරීන් සදහන් කරයි.එසේ විමර්ශණයට භාජනය වන පිරිස් ඔවුන්ගේ නිවෙස් වල සිටම නීරෝධායනය කිරීම සිදුවන බවද අප කරන ලද විමසුමකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සදහන් කළේය.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article