සෑම වසරකම මාර්තු මස 04 වැනි දින ලෝක ස්ථුලතා දිනය ලෙස නම් කර ඇත.ඒ අනුව අද දින 2024 වසරේ ලෝක ස්ථුලතා දිනය සැමරේ.
තරබාරුව හෙවත් ස්ථුලතාවය අද වන විට සාමාන්‍ය ජනතාවගේ නිරෝගී යහපත් දිවි පැවැත්මට විශාල බාධකයක් වී තිබේ. ස්ථුලතාවය නිසාම, අධි රුධිර පීඩනය ( High Blood Pressure ), ඇතිවීම,රුධිර නාල වල කොලෙස්ට්‍රෝල් (Cholesterol ) තැන්පත්වීම නිසා හෘද රෝගාබාධ (heart attacks) ඇතිවීමේ සම්භාවිතාවය ඉතා ඉහළය. එමෙන්ම ශරීරයේ ඇතිවන හෝමෝන සංකූලතා නිසා හෝමෝන ආශ්‍රිත රෝගාබාද ඇතිවීමේද වැඩි ඉඩකඩක් පවතී.මෙම තත්ත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු වන අතර විශේෂයෙන්ම බොහෝ තරබාරු ස්ත්‍රීන් ද අධික තරබාරුකම නිසා ගර්භාෂ තුළ මේදය තැන්පත් වී ගැබ් ගැනීම් සිදු නොවී දරුවන් නොලැබී යාමේ අවාසනාවන්ත තත්ත්වයන්ටද මුහුණ පෑමට සිදුවේ.
එලෙසම තරුණ වැඩිහිටි පාර්ශ්වයන්ට අමතරව පාසල් යන වයසේ බොහෝ කුඩා දරුවන්ද ස්ථුලභාවය නිසා ඉහත සඳහන් කළ රෝගාබාධ වලට අමතරව ඒ හා සුසැදි තවත් අතුරු රෝගාබාද ගණනාවකට ලක් වීමේ දැඩි අවදානමක් පවතී.
ඒ නිසා කුමන වයස් මට්ටමක පසු වුවද තමන්ගේ වයස සහ උස අනුව තම ශරීරයේ බර පවත්වා ගත යුතුව තිබේ.තම වයස සහ උස අනුව, තමන්ගේ ශරීර බර අඛන්ඩව වැඩිවීමේ තත්ත්වයක් පවතී නම් එවැනි අය යම් විධිමත් ආහාර පාලන රටාවකට යොමු විය යුතුව තිබේ .වෛද්‍යවරුන් පවසන පරිදි පිෂ්ඨය හා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර,සහ මේද සහිත ආහාර පරිභෝජනය හැකිතාක් අවම කළ යුතු අතර දිනකට පැයක් හෝ දෙකක් ව්‍යායාම් වල යෙදීම කළ යුතුවේ.
මේ අනුව හැකිතාක් මේද සහ පිෂ්ටය අඩංගු ක්ෂණික ආහාරපාන වලින්
වැලකී හැකිතාක් ශරීරයට ව්‍යායාම ලැබෙන දෛනික කාර්යයන් වල නිරත වීමෙන් ස්ථූලභාවයෙන් මිදීමට හෝ එය අවම කර ගැනීමට හැකි බව වෛද්‍යවරුන්ගේ අදහසයි. එලෙසම ස්ථූලභාවයෙන් මිදීමට හෝ එය අවම කර ගැනීමට යම් ආහාර පාලන රටාවක් හෝ ව්‍යායාම් කාල සටහනක් අනුගමනය කරන්නේ නම් එය නිසි වෛද්‍ය උපදෙස් මත සිදු විය යුතු වෛද්‍යවරුන්ගේ අදහසයි.
තුෂාර රොහාන්