Monday, November 25, 2024

‘නිදහස් හා සාධාරණය ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවූයේද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසයි.’

Must read

laksman 219 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පැවති යහපාලන රජය විසින් ගෙන ආවේ මහජනතාව වෙනුවෙන්  පවතින   උසස් ආයතන වලට දේශපාලන ඇඟිලි ගැසීම් වලින්තොරව පවත්වාගෙන යාමට බවත් එය ජනතාවගේ අවශ්‍යතාවයක්ව පැවති බවත්  එක්සත් ජාතික පක්ෂයේ ජේ්‍්‍යෂ්ඨ උප සභාපති  ලක්ෂමන් කිරිඇල්ල මහතා 11 වනදා පැවති මාධ්‍ය හමුවකදී පවසා තිඛේ.  ඊට පෙර පැවති රජය විසින්18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කරමින් විධායකයේ බලතල වැඩිකරමින් එම අවස්ථා ඇහිරවු අතර 19 වෙනි සංශෝධනය  මඟින් නැවතත් විධායකය හා ව්‍යවස්ථාව අතර සමබරතාවයක් ඇතිකරන්නට හැකිවූ බවත් ඒ මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ බල රහිතව තිබූ සියලූම කොමිෂන් සභාවන් නැවත බලාත්මක කරවීමට හැකියාවක් ලැබුනේය.

මෙම කතිකාව නැවත මතුවී ඇත්තේ පසුගියදා වර්තමාන ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින්
The hindu post පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී 19 වන සංශෝධනය සම්බන්ධව ඔහු කළ ප්‍රකාශයයි.
19 වෙනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තු ක්‍රමය වෙත බලතල වැඩිකර තිබෙන පසුබිමක ඉදිරි පාලනය කරගෙන යන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දෙන්නේ මෙසේය.

” 2015 දී සම්මත කරගත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථකයි. අපට 2/3 ක බලයක් ලැබුණොත් අපි ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. 19 වන ව්‍යවස්ථාව සාර්ථකව ක්‍රියාත්මක  කළ හැකි එකම ක්‍රමය සහෝදරයන් සමඟ වැඩකිරීමෙන් පමණයි. රටක් සාර්ථකව පාලනය කිරීමට නම් ස්ථාවරයක් අවශ්‍යයි.”

පැවති මාධ්‍ය හමුවේදී  19 වන ව්‍යවස්ථාව පිලිබදව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  තවදුරටත් සදහන් කර ඇත්තේ ,

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් කරන ලද ඕනෑම පත්වීමක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට බලය ඇති අතර 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කරන ලද පාර්ලිමේන්තු කොමිසමට එවැනි බලයක් නොතිබුණ බවයි.

මෑතකදී නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකි වූයේ ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසාමයි. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් ද ඒ ගැන සතුටු වූ බවත් මැතිවරණ  අතරතුර තත්වය යුරෝපයේ තත්වයට තරමක් සමාන බව ඔවුහු දැනුම් දුන් බවත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article