නිෂ්චිතවම හදුනා නොගත් ධීවර හෝ නාවුක උපකරණයක් හලාවත වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව හලාවත පොලීසිය කියයි.
හලාවත – ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බලකායේ කදවුරට ආසන්නයේ වෙරළට මෙම උපකරණය ගොඩ ගසා ඇත.වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් එම උපකරණය කඹ යොද ගැට ගසා ඇති ආකාරයක් දක්නට ඇත.
අඩි 10 – 15 ක් පමණ උස මෙම උපකරණය බෝයාවක් වීමට හැකි බව ඇතමුන් සදහන් කරයි.මුහුදේ යාත්රා කරන නැව් වළට ගමන් මාර්ගය පෙන්වීම සදහා මෙම උපකණය යොදා ගන්නා බවට තවත් පිරිසක් සදහන් කරති.කෙසේ වෙතත් මෙම උපකරණය කුමක්ද යන්න නිෂ්චිතවම මෙතෙක් හදුනා ගෙන නැත.
ජුඩ් සමන්ත.