කැස්බෑවන් දෙදෙනෙකු ධීවර යාත්රාවක් තුළ තබා ගෙන සිටියදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් ජනවාරි 27 වනදා මුදවා ගත් පුවතක් වාර්තා වේ. යාපනය, මණ්ඩතිව් සහ චිරතිව් දූපත් ආශ්රිතව සිදු කළ මුර සංචාරයකදී මෙම ජිවීන් සොයා ගැනීමට සමත්ව තිබේ.
ධීවර යාත්රාවක් තුළ සිටි මෙම ජීවී කැස්බෑවන් දෙදෙනාව හමුදාව විසින් නීරීක්ෂණය කර ඇති අතර, එහිදී යාත්රාවේ සිටි පුද්ගලයින් තිදෙනෙකු සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
ඒ අනුව මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් තිදෙනා සහ කැස්බෑවුන් දෙදෙනා (02) සහ ධීවර ආම්පන්න පිළිබඳ වැඩි දුර විමර්ශණ කටයුතු සදහා වෙලනි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇ.