ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීම ඊයේ (07)වනදා සිදු වූ අතර එතැන් සිට සතියක කාලයක් පෙලපාලි යාම තහනම් කර ඇත. ඒ සමඟම ජන්ද ප්රචාරක හා දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී පුද්ගලයින් 11 දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කිරීමද තහනම් කර ඇති බවත් මැතිවරන කොමිසමේ සභාපතිවරයා ඊයේ සඳහන් කරන ලදී. සෑම අපේක්ෂකයකුටම සිය මංගල රැළිය පිලිබද දිවයින පුරා පෝස්ටර් ඇලවීමේ අවසරයක් ලබාදී ඇති අතර එහෙත් ඉන් පසුව පැවැත්වෙන ජනහමු පිලිබද දැනුවත් කිරීමේ පොස්ටර් ඇලවිය හැකි වන්නේ අදාළ ප්රදේශයේ පමණක් බවද ඔහු විසින් අවධාරණය කරන ලදී.