වයඹ විපක්ෂ නායක කාර්යාලය මාරුවෙන ලකුණු
වයඹ පළාත් සභා සංකීර්ණයෙහි පිහිටා ඇති විපක්ෂ නායක කාර්යාලය වෙනත් ස්ථානයකට මාරුකිරීම පිළිබදව වයඹ පළාත් සභාවේ නිල බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව අළු යට ගිනි වෙත වාර්තා වෙයි. ඒ අනුව වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක කාර්යාලය ඊට වඩා අඩු ඉඩකඩක් සහිත තැනක යළි ස්ථාපනය කර දැනට ඒ සදහා යොදාගනිමින් තිබෙන පුඵල් ඉඩකඩ වෙනත් ඵලදායී කාර්යක් සදහා ලබාදීමට සාකච්ඡා කෙරෙමින් ඇති බවද කියැවෙයි. වයඹ පළාත් සභාවේ මන්ත්‍රී භෝජනාගාරයට යාබදව පිහිටුවා තිබූ වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක කාර්යාලය මීට වසර එක හමාරකට පෙර දැනට පවතින වැඩි ඉඩකඩ සහිත ස්ථානය වෙත මාරු කෙරුණේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල වයඹ විපක්ෂ නායක තනතුර හොබවමින් සිටි කාල සීමාවේදීය. අලවතුවල විපක්ෂ නායකව සිටි සමයේ වඩාත් සක්‍රිය සහ ජනාකීර්ණ ස්ථානයක් වූ විපක්ෂ නායක කාර්යාලය අසල අතර ඇතැම් දිනවල ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි පිරිසට සමාන පිරිසක් සිටිනු දැක ගත හැකි විය. වයඹ විපක්ෂ නායක කාර්යාලයේ අඩු ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබදව විපක්ෂ නායක අලවතුවල විසින් කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස එවකට වයඹ පළාත් සභාවේ සභාපතිව සිටි ධර්මසිරි දසනායකගේ මැදිහත්වීමෙන් පළාත් සභා සංකීර්ණයේ සිව්වැනි මහලේ කොටසක් විපක්ෂ නායක කාර්යාලය ලෙස ලැබිණි. නමුත් අද වන විට දක්නට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයකි. අලවතුවල කාලයේ ඇගිල්ලක් ගසන්නට ඉඩක් නොතිබූ වයඹ විපක්ෂ නායක කාර්යාලය වෙතින් මේ වන විට නිරන්තරයෙන් දැක ගත හැකි වන්නේ මැස්සන් ඇහිරෙන ස්වභාවයකි. එජාපයට ආණ්ඩු බලයක් නැතිව සිටි කාලයක වුවද එම සමයේදී විපක්ෂ නායක කාර්යාලය නිරන්තරයෙන් ජනාකීර්ණව තිබූ නමුත් එජාපය ආණ්ඩු කරන වකවානුවක් වන වත්මනෙහි මහජන දිනයකදී පවා වයඹ විපක්ෂ නායක කාර්යාලයේ දැක ගත හැකි වන්නේ දෑගිලිවලටත් අඩු ගණනකි. එවැනි තත්වයක් තුළ වයඹ පළාත් සභා සංකීර්ණයෙහි ඇති මෙතරම් සුවිසල් ඉඩක් වඩා ඵලදායී කාර්යයක් වෙනුවෙන් යොදාගත හැකි බවට බොහෝදෙනෙකු විසින් අදහස් පළකිරීම නිසා විපක්ෂ නායක කාර්යාලයට අඩු ඉඩකඩක් ඇති තැනකට ස්ථාන මාරුවක් ලැබෙන්නට වැඩි ඉඩකඩ ඇති බව තතු දත් අය කියති. නමුත් තවත් ඇතැමෙකු කියන්නේ විපක්ෂ නායක කාර්යාලය ඉදිරියේදී මිනිස් පුඵටක් හෝ නොගැවසෙන තැනක් බවට පත්වුවත් විපක්ෂ නායක ශමල්ගේ හිත රිදෙන ආකාරයෙන් එහි වෙනසක් කිරීමට මහ ඇමැති ධර්මසිරි විසින් ඉඩ නොතබනු ඇති බවය. මක් නිසාද යත් මේ වන විට දෙපිළ බෙදී සිටින ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය මහඇමැති ධර්මසිරිට නොලැබෙන තත්වයක් තුළ එම අඩුව පුරවාලමින් පළාත් සභාව ඉදිරියට ගෙනයාමට විපක්ෂයේ සිට අගනා සහයක් ලබාදෙමින් ඉන්නේ වත්මන් විපක්ෂ නායකවරයාවීම නිසා බවද එම පිරිස් කියති.
අලවතුවල පළාත් සභාවට අනතුරු අගවයි.
වයඹ පළාතේ සංවර්ධන කටයුතු සදහා මධ්‍යම රජයෙන් වෙන් කළ රුපියල් මිලියන 268 මුදලකට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සම්මත නොකිරීමට වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ක්‍රියා කළ ආකාරය පසුගිය සතියේ වයඹ අළු යට ගිනි පිටුව ඔස්සේ අනාවරණය කෙරිණි. මෙම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මධ්‍යම රජය සහ පළාත් සභාව අතර මේ වනවිට සියුම් ගැටුමකට මුල පුරා ඇති බවක් පෙනෙන්නට ඇති අතර දැනට නියපොත්තෙන් කඩා දැමිය හැකි තත්වයේ පවතින මෙම ගැටුම පොරොවෙන් කපන්නට වෙන තැන දක්වා දුරදිග යවාගැනීමට වයඹ පළාත් සභාව කටයුතු කරන්නේදැයි ඉදිරි සති කිහිපය තුළදී දැකගත හැකි වනු ඇත. වයඹ පළාත් සභාව විසින් දැල් වූ රතු එළියට මධ්‍යම ආණ්ඩුව පැත්තෙන් පළමු වෙඩිල්ල පත්තුකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවලය. අදාළ සිද්ධිය වනවිට අලවතුවල සිටියේ විදේශගතවය. දිවයිනට පැමිණි වහාම පළාත් සභාවේ සිදුවීම පිළිබදව දැනගත් අලවතුවල කළේ ඒ පිළිබදව තම මතය පැහැදිලි කිරීම සදහා පසුගිය ඉරිදා දිනයේදී මාධ්‍ය හමුවක් කැදවීමය. එහිදී අදහස් දැක් වූ අලවතුවල පළාත් සභාවේ ඉතිහාසය සිහිපත් කරමින් අනාගතය පිළිබදව අනතුරු ඇගවීමක් කරන්නටද වගබලාගත්තේය. ‘‘මේ මුදල ප්‍රතික්ෂේප කිරිම නිසා වැඩිපුරම පාඩුවෙලා තියෙන්නේ ගල්ගමුව, යාපහුව, නිකවැරටිය, වාරියපොල, හිරියාල, කුරුණැගල සහ කටුගම්පොල ආසනවලටයි. මොකද කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන මැතිවරණ කොට්ඨාශ දාහතරේ වාරිමාර්ග සම්බන්ධයෙන් වයඹ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලය තියෙන්නේ මේ ආසන හතට අදාළව විතරයි. අනෙක් ආසන හතේ බලය තියෙන්නේ මධ්‍යම රජය යටතේ තියෙන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට නිසා ඒ ආසනවලට ප්‍රශ්ණයක් නැහැ. නමුත් මම මේ කියපු ආසනවල දැනට සැලසුම් කරලා තියෙන වාරි ඉදිකිරීම් අනිවාර්යෙන්ම ඇණහිටීමක් සිදුවේවි. මෙම මුදල ප්‍රතික්ෂේප කරන්න මූලිකත්වය ගත්තු අයට මම මතක් කරලා දෙන්න කැමැතියි 1994 ඉදලා 1999 දක්වා වයඹ පළාත් සභාවේ බලය තිබුණේ එක්සත් ජාතික පක්ෂයට බව. නමුත් ඒ වෙනකොට තිබුණු පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවෙන් ලැබුණු කිසිදු මුදලක් ප්‍රතික්ෂේප කරන්න පළාත් සභාව එදා කටයුතු කළේ නැහැ. නමුත් අද තත්වය ඊට වඩා වෙනස්. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ තියෙන කුහකත්වය සහ ඊරිසියාව නිසා වයඹ පළාතට ලැබෙන්න ගිය විශාල මුදලක් අහිමිවෙලා ගිහින් තියෙනවා. වයඹ පළාත් සභාවේ මේ වැරැදි හැසිරීම නිසා මින් ඉදිරියට වයඹ පළාත් සභාවට මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන ලබාගැනීමට තිබෙන අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවා ඇතිවෙන්න පුලුවන් . ’’යැයි පැවසීය.
නාමල් වික්රමබාහුට අතීතය මතක් කරයි.
නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය විසින් එක්ව සංවිධානය කර තිබූ ‘‘ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ දිනාගනිමු.’’යන මැයෙන් වූ පුරවැසි සභාවක් පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ලිච්ඡවී ශාලාවේදීය. යහපාලන ආණ්ඩුව බලයට පත්කර අවුරුද්දක් ඉක්මවා ගොස් ඇති තත්වයක් තුළ රජයේ ක්‍රියාවන් සම්බන්ධ පැසසුම් හා විවේචනයන් පිළිබඳ මහජන සංවාදයක් ගොඩනැගීම වෙනුවෙන් පුරවැසි සභාව සංවිධානය වී තිබූ බව කියැවිණි. පුරවැසි සභාව හමුවේ අදහස් දැක්වීම සදහා නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, වයඹ ප්‍රධාන ආමත්‍ය ධර්මසිරි දසනායක, වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වන ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක, බි්රටෝ ප්‍රනාන්දු, සුදර්ශන ගුණවර්ධන ඇතුළු සිවිල් සමාජ නායකයන් පිරිසක් ඇරැයුම් ලබා සිටියහ. මේ සියලු දෙනාම එහි පැමිණ සිටි නමුත් මහ ඇමැති ධර්මසිරි පුරවැසි සභාව මගහැර ගොස් තිබීම කැපී පෙනිණි. නියෝජ්‍ය ඇමැති අශෝක්ද තරමක් පමා වී හෝ පුරවැසි සභාව හමුවේ අදහස් දක්වන්නට පැමිණි නමුත් නමුත් මහ ඇමැති ධර්මසිරි නම් රැස්වීම අවසන් වන තුරුම පැත්ත පළාතකවත් නොපැමිණියේය. විශේෂත්වය වන්නේ මෙම වැඩසටහන සංවිධානය වී තිබුණේද මහ ඇමැති ධර්මසිරිගේ පූර්ණ ආශිර්වාදය මධ්යයේවීමය. සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් කළ ඉල්ලීමකට කන්දෙමින් මෙම පුරවැසි සභාව පැවැත්වීම සදහා පළාත් සභා භුමියේ පිහිටි ලිච්ඡවී ශාලාව ලබාදීමට පවා මැදිහත් වී තිබුණේ මහ ඇමැති ධර්මසිරිය. ඒ නිසාම කථික ලැයිස්තුවේ ඉහළින්ම ධර්මසිරිගේ නම ඉහළින්ම සදහන් කරන්නට එහි සංවිධායකයින් විසින් කටයුතු කර තිබූ නමුත් මහ ඇමැතිවරයා පුරවැසි සභාව මගහැර ගොස් තිබීම සංවිධායකයින් අපහසුතාවයට පත්කරන්නට හේතු වී තිබිණි. මහ ඇමැති ධර්මසිරි ශ්‍රී එදින ලංකා නිදහස් පක්ෂ සමුඵවේ සංවිධාන කටයුතු සදහා සහභාගි වී සිටි බවක් අසන්නට ලැබුණු නමුත් තමන්ට පුරවැසි සභාවට සහභාගි විය නොහැකි බව දන්වා තමන්ගේ නියෝජිතයෙකු හෝ ඊට සහභාගි කරවීමට තරම්වත් ධර්මසිරි කාරුණික වී තිබූ බවක් පෙනෙන්නට නොතිබිණි.
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න රැස්වීමට ආවේ එය ආරම්භ වනවාත් සමගය. ඉදිරිපෙළ අසුන්පෙළ වෙත ගිය වික්‍රමබාහු නාමල් කරුණාරත්න අසුන්ගෙන සිටි අසුනට යාබද අසුන හිස්ව තිබෙනු දැක එහි අසුන් ගත්තේය. ‘‘කොහොමද ඉතිං ? ’’වික්‍රමබාහු නාමල්ගෙන් ඇසීය. ‘‘ඔබතුමාට මාව මතකද ? ’’නාමල් පෙරළා වික්‍රමබාහුගෙන් ඇසීය. ‘‘ඔව්. අර ගොවි නායකයානේ. ’’බාහු කීය. ඊට සිනාවකින් ප්‍රතිචාර දැක් වූ නාමල් මේ කතාබහ යළිත් වතාවත් සිහිපත් කළේ සභාව හමුවේ තමන්ට අදහස් දැක්වීමටලැබුණු අවස්ථාව අවසන් කිරීමට මොහොතකට පෙරය. වික්‍රමබාහු සහ තමන් අතර ඇති වූ සංවාදය පිළිබදව සභාවට විස්තර කළ නාමල් ඊට තවත් යමක් එකතු කළේය. ‘‘ ගොවි නායකයෙක් ලෙස හදුනනවාට වඩා ඔබතුමාගෙයි මගෙයි අතීත සම්බන්ධයක් තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විදිහට කටයුතු කළේ මම. ඒ දවස්වල අපි ශිෂ්‍යයෝ විදිහට ඔබතුමාගේ කාර්යාලයට නිතරම ආවා ගියා. අපිට කිසියම් ප්‍රශ්නයක් ඇතිවුණාම අපි ආවේ වික්‍රමබාහු සහෝදරයා ළගට. සුනිල් මාධව සහෝදරයා ළගට. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සටන්වලට නායකත්වය දෙනකොට ඒ වෙලාවේ ඔබ අපිට ලොකු ශක්තියක් වුණා. ඒ කාලේ අපි බොහොම ළගින් ආශ්‍රය කළා. ඔබට කරන ගෞරවයක් විදිහට ඒක මම මේ වෙලාවේ මතක් කරනවා. ’’යැයි කියමින් නාමල් අවසන් තම කතාව අවසන් කළේය. නාමල්ට පෙර පැවැති වික්‍රමබාහුගේ දේශණය උද්වේගකර මෙන්ම රස කතාවලින් පිරුණු එකක් විය. තම කතාවේදී වික්‍රමබාහු විසින් ඔලු දෙකක් ගැන කතා කළේය. එකක් තමන්ගේ ඔලුව ගැනය. අනෙක වාසුදේව නානායක්කාරගේ ඔලුව ගැනය. වික්‍රමබාහුගේ ඔලුව පරීක්ෂා කළ යුතු බවට මහින්ද පිළේ කිසිවෙකු විසින් කර තිබූ ප්‍රකාශකට පිළිතුරු දුන් බාහු කීවේ තමාට මෙරට විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පීඨයට ඇතුළත්වීමට මෙන්ම එංගලන්තයේ කේම්බි්රජ් විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් පවා දිනාගැනීමට හැකි වූයේ ඔලුව හොදින්ම ඇති නිසාවෙන් බවය. ඒ නිසා පරීක්ෂාකළ යුත්තේ තමන්ගේ නොව එම ප්‍රකාශය කළ පුද්ගලයාගේ ඔලුව බවද බාහු එහිදී කීවේය. වාසුදේවගේ ඔලුව ගැන කතා කළ බාහු කීවේ කලෙකට ඉහත අතුරුදන් කරවීම්වලට එරෙහිව මහ සටනක් ගෙන ගිය වාසුදේව දැන් ඊට එරෙහිවම හ`ඩ නගන්නේ සැත්කමක් මගින් ඔහුගේ ඔලුව මාරුකර ඇති නිසා බවය !
ශ්‍රීලනිප සමුඵවේ සංවිධාන කටයුතු ගැන වේඩරුව නොසතුටින් !
සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර ඇතුලු මැති ඇමැතිවරුන් පිරිසක් පසුගිය සෙනසුරාදා කුරුණෑගලට පැමිණ තිබුණේ ලබන 04 වැනිදා කුරුණෑගල මාළිගාපිටියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුඵවේ සූදානම පිළිබදව සොයාබැලීම වෙනුවෙනි. සමුඵව පැවැත්වීමට නියමිත මාළිගාපිටිය නිරීක්ෂණයක කිරීම මෙන්ම එහි සංවිධාන කටයුතු පිළිබදව රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක්ද එදින කුරුණෑගල වැව රවුමේ පිහිටි පළාත් සභා නිවාඩු නිකේතනයේදී සංවිධානය වී තිබිණි. ඇමැති අනුර යාපා, නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, මහ ඇමැති ධර්මසිරි දසනායක ඇතුලූ පිරිසක් මාළිගාපිටිය වෙත ගොස් සමුඵවේ බිම් සැලැස්ම පිළිබදව විමසා බැලූ නමුත් ඇමැති මහින්ද අමරවීර එම අවස්ථාවට එක් නොවීය. මාළිගාපිටියට පැමිණ සිටි නියෝජ්‍ය පොලිස්පති අජන්ත සමරකෝන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න විසින් සමුඵ දිනයේ ආරක්ෂක සැලැස්ම පිළිබදව මැති ඇමැතිවරුන් වෙත විග්රහ කළහ. ඇමැති අනුර යාපා, මහ ඇමැති ධර්මසිරි සහ නියෝජ්‍ය ඇමැති අනුරාධ සමුඵවේ සූදානම පිළිබදව හරි හරියට විමසා බලද්දී පළාත් සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වේඩරුව පැත්තකට වී නිසොල්මනේ සිටිනු දැක ගත හැකි විය. ‘‘මොකද ඇමැතිතුමා මේ සයිඞ් ගහලා ?’’වේඩරුව පැත්තකට වී සිටිනු දුටු මාධ්‍යවේදීහු ඔහුගෙන් ප්‍රශ්න කළහ. ‘‘අපි කුරුණෑගල මිනිස්සු වෙලත් අපිට මෙතැන කරන්න වැඩක් නැහැනේ මල්ලි. පේන්නේ නැද්ද පිටින් ආපු කට්ටිය බැහැලම වැඩනේ. ’’වේඩරුව කීවේය. පිටිය නිරීක්ෂණය කිරීමෙන් පසුව පිරිස ආපසු මහ ගෙදර නිවාඩු නිකේතනය වෙත ගිය අතර සමුඵවේ සංවිධාන කටයුතු පිළිබද නිලධාරින් සහ මැතිඇමැතිවරුන් අතර සාකච්ඡාවද ඉන් අනතුරුව එහිදී පැවැත්විණි. අනතුරුව ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවකුත් ලහි ලහියේ එහිදී සූදානම් වූ අතර කුමක් හෝ ගුප්ත හේතුවක් මත මහ ඇමැති ධර්මසිරිගේ මාධ්‍ය ඒකකය විසින් ඊට ආරාධනා කර තිබුණේ තෝරාගත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පමණකි. එම මාධ්‍ය හමුවට තවත් විශේෂත්වයක් එක්කරමින් මෛත්‍රී පිලේ මාධ්‍ය සාකච්ඡාවලදී මින් පෙර දැකගත නොහැකි වූ අලුත් මුහුණක්ද එදින දැකගත හැකි විය. ඒ වයඹ පළාත් කෘෂිකර්ම ඇමැති සුමල් තිසේරාගේ මුහුණයි. සුමල් සැලකෙන්නේ මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙසටය. මහින්ද රාජපක්ෂ පිල මේ දිනවල ඉර හද දිවුරා ශපථ කරමින් සිටින්නේ තමන් කිසිවිටෙකත් කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුඵවට සහභාගි නොවන බවටය. මහින්ද පිලේ සාමාජිකයෙකු බව කියන ඇමැති සුමල් සමුඵ සූදානම ගැන රටට කියන්නට සූදානම් කර තිබූ මෛත්‍රී පිලේ මාධ්‍ය හමුවට වාඩිවන්නේ මහින්ද පිල විසින් සමුඵ වර්ජනයක් සදහා අරඅදිමින් සිටියදීවීමද විශේෂත්වයකි. එබැවින් තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුඵව අන් කාටත් වඩා ඇමැති සුමල් තිසේරාට වඩාත් තිරණාත්මක එකක් වන බවක් දැන් දැන් සිදුවෙන දෑ හරහා පෙනීයයි. මක්නිසාදයත් මාළිගාපිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුඵවට සහභාගිවීම සහ නොවීම හරහා තමන් ඉදිරියේදී ස්ථිර වශයෙන් නියෝජනය කරන්නේ මෛත්‍රී පිලදැයි එසේත් නැත්නම් මහින්ද පිලදැයි යන දෙකෙන් එකක් නියත වශයෙන්ම තෝරාගැනීමට ලබන සැප්තැම්බර් 04 වැනිදාට ඇමැති සුමල් තිසේරාට සිදුවන බැවිනි.
උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 අගෝස්තු 25 වැනි බ්‍රහස්පතින්දා