Sunday, January 19, 2025

නාත්තන්ඩිය,හලාවත සහආරච්චිකට්ටුව යන ප්‍රදේශ වල පවුල් පුද්ගලයින් 64 දෙනෙකුව නීරෝධායනයට

Must read

කොරෝනා

නාත්තන්ඩිය,හලාවත සහආරච්චිකට්ටුව යන ප්‍රදේශ වල පවුල් 15 ක පුද්ගලයින් 64 දෙනෙකුව නීරෝධායනය කිරීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.කන්දකාඩු වල පවත්වා ගෙන යන මත් ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාධිතයින් වාර්තා වී මෙන් අනතුරුව මෙම නීරෝධායන කටයුතු ආරම්භ කර ඇත.

නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුම්මෝදර,පහල කොට්ටරාමුල්ල සහ ඉහළ කොට්ටරාමුල්ල  යන ප්‍රදේශ වල පවුල් 11 ක පුද්ගලයින් 49 දෙනෙකුව නීරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.ඉන් පවුල් 10 ක පුද්ගලයින් 47 දෙනෙකුව තමන්ගේ නිවෙස් වලදීම ස්වයං නීරෝධායනය සදහා යොමු කර ඇත. කන්දකාඩු  මත් ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශිකාවක් ලෙස කටයුතු කළ 25 හැවිරිදි තරුණියක් කොරෝනා ආසධිත තැනැත්තියක බවට හදුනා ගෙන තිබුණි.ඇය නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.ඇයගේ මව සහ පියා නීරෝධායන කටයුතු සදහා කන්දකාඩු කොරෝනා නීරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත. කොරෝනා ආසාධිත බවට හදුනා ගෙන ඇති උපදේශිකාව ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජයබිම ප්‍රදේශයේ පදිංචි පවුලක පුද්ගලයින් 08 දෙනෙකුව සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බංගදෙණිය පදිංචි පවුලක පුද්ගලයින් 03 දෙනෙකුව නීරෝධායනය කිරීම සදහා තන්තිරිමලේ පිහිටි නීරෝධායන කදවුර වෙත යොමු කර ඇත.ඔවුන් පසුගිය දා කන්දකාඩු හී පිහිටි මත් ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති බවට වාර්තා වී ඇත.

මේ අතර නිවාඩු ලබා නිවසට පැමිණ සිටි කන්දකාඩු මත් ද්‍රව්‍ය නීරෝධායන මධ්‍යස්ථානයේ සේවය කරන යුධ හමුදා මේජර් වරයෙකුට වහාම මින්නේරිය කදවුර වෙත වාර්තා කරන ලෙස යුධ හමුදා මූලස්ථානය විසින් දැණුම් දී ඇත. ඔහුගේ බිරිද,දරුවන් දෙදෙනා සහ බිරිදගේ මව ස්වයං නීරෝධායනය සදහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.එම සිව් දෙනාගේ ජෛව සාම්පල් ලබා ගැනීම හලාවත මහා රෝහලේදී පසුගිය 11 වැනිදා සවස සිදු කර ඇත.ඔවුන් ආරච්චිකට්ටුව ප්‍රාදේශයේ පදිංචිකරුවන්ය.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article