Sunday, January 19, 2025

නාගරික මන්ත්‍රීවරයෙකුට පහරදීමට එරෙහිව පුත්තලමේ විරෝධතාවයක්

Must read

02 07 (1)

පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නිහඩ විරෝධතාවයක් 08 වැනිදා පෙරවරුවේ පැවැත්වුණි.

පුත්තලම නගර සභාව ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයට නගර සභා සභාපති කේ.ඒ.බායිස් මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ද කාර්යාල සේවකයින්ද එක්ව සිටියේය.

පහර කෑමට ලක්ව ඇත්තේ පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රී එම්.එච්.එම්.රශ්මි (ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස්) නම් අයෙකි.

වැසි ජලයෙන් තම නිවස යට වන බැවින් නෙඩුම්කුලම වැවේ පිට වාන කඩා දමන ලෙස එක්තරා පුද්ගලයෙකු මට කියා සිටියා.මම ඒ ස්ථාන නිරීක්ෂණය කිරීමට ගොස් ආපසු එන විට එම පුද්ගලයා පිටුපසින් පැමිණ මට පහරක් එල්ල කලා යැයි සිද්ධිය මුහුණ දුන් එම්.එච්.එම්.රශ්මි මහතා කියා සිටියේය.

විරෝධාතවයට එක්ව සිටි පුත්තලම නගර සභා සභාපති කේ.ඒ.බායිස් මහතා මෙසේ පැවසීය.”කිසියම් දෙයක් කර ගන්න තියනවා නම් අපිට ඒ බව දැණුම් දෙන්න.කළ හැකි දෙයක් නම් කරන්නම්.හැබැයි සභිකයෙකුට හෝ නිලධාරියෙකුට පහර දෙන්න කිසිදු අයෙකුට අයිතියක් නැහැ.මෙය නරක පූර්වා දර්ශයක් වන්න පුළුවන්.ඒ නිසා අපි කියන්නේ  වැරද කර ඇති අයට නීතිය මගින් දඩුවම් ලබා දෙන ලෙසයි.”

සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයා මේ වන විට පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article